ලොව වටිනාම සන්නාම අතර Apple ප්‍රමුඛ වෙද්දි samsung පහට වැටෙයි

 

2024 වසරේ වටිනාකමින් ඉහළම වෙළද සන්නාම 100කින් යුක්ත නවතම ලැයිස්තුවක් ප්‍රකාශයට පත්කොට තිබෙනවා.

ඒ අනුව ඇපල් වෙළඳ සන්නාමය ලොව වටිනාකමෙන් ඉහළම වෙළඳ සන්නාමය වන අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 516ක්.

ස්ටීව් ජොබ්ස් නිර්මාණය කළ ඇපල් සමාගම අයත් වන්නේ පරිගණක දෘඩාංග කර්මාන්තයටයි.

ලෝකයේ වටිනාම සන්නාම 100ක වත්කම්හී එකතුව ඩොලර් ට්‍රිලියන 5ක් බවද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඒ අනුව ලොව වටිනාම සන්නාම අතර දෙවන ස්ථානය microsoft ආයතනය දිනාගෙන ඇති අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 340.6ක්

එම ශ්‍රේණිගත කිරීමේ තෙවන ස්ථානය ගූගල් සමාගමටත් හතරවන ස්ථානය ඇමරිකාවේ ඇමසන් ආයතනය හිමිකරගෙන ඇති අතර එම සන්නාමයන්ගේ වටිනාකම පිළිවෙලින් ඩොලර් බිලියන 333.4ක් සහ ඩොලර් බිලියන 308.9ක් වනවා.

ඒ අනුව ලොව වටිනාම සන්නාම අතර පළමු ස්ථාන 4ම ඇමරිකානු සන්නාම වීම විශේෂත්වයක්.

මෙම ශ්‍රේණිගත කිරීමේ 5වන ස්ථානය දකුණු කොරියාවේ සැම්සුන්( Samsung) සමූහ ව්‍යාපාරය හිමිකරගෙන ඇති අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 99.4ක්

Tik tok සහ facebook ලොව වටිනාම වෙළෙඳ සන්නාම අතර 6 සහ 7 වන ස්ථාන හිමිකරගෙන තිබෙනවා.

විශේෂයෙන් Apple සන්නාමයේ වටිනාකම පසුගිය වසරේ ශ්‍රේණිගත කිරීමේ සිට ඩොලර් බිලියන 217 වැඩිවීමක් පෙන්නුම් කරන බවද සදහන්.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »