ලොව බිලියනපතියන්ගේ ලැයිස්තුවට ඇතුල්වූ නවතම ඔස්ට්‍රේලියානුවන්

ෆෝබ්ස් සගරාව විසින් 2024 වසරේ ලොව ධනවත්ම බිලියනපතියන් ඇතුලු නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

එම වාර්තාවට අනුව 2024 වසරේ බිලියනපති සීමාව පසු කළ පුද්ගලයින් 2781 ක් නවතම වාර්තාවට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඔස්ට්‍රේලියානු බිලියනපතියන් කිහිප දෙනෙකු ද ඇතුලත්ව තිබෙනව අතර ලොව බලබත්ම බිලියනපතියන් 20 සීමාවට පැමිණීමට කිසිදු ඔස්ට්‍රේලියානු  ධනවතෙකුට හැකියාව ලැබී නැහැ.

එම ශ්‍රේණිගත කිරීමේ 56 වන ස්ථානය ඔස්ටේ්‍රලියානු පතල් ක්ශ්‍රේත්‍ර පුමුඛයෙකු වන Gina Rinehart හිමි කරගෙන ඇති අතර ඇයගේ වත්කම සටහන්ව ඇත්තේ ඩොලර් බිලියන 47.25 ක් ලෙසයි.

තවද එම ශ්‍රේණිගත කිරීමේ 100 වන ස්ථානය ඔස්ට්‍රේලියානු  සම්භවයක් සහිත රූපට් මර්ඩොක් සහ පවුල හිමිකර ගෙන ඇති අතර ඔවුන්ගේ වත්කම ඩොලර් බිලියන 29.92ක් වුව ද ඔවුන් මේ වන විට ඇමරිකාවේ පදිංචිව සිටින බවයි වාර්තා වන්නේ.

ෙලාව ධනවත්ම බිලියනපතියන්ගේ ශ්‍රේණිගත කිරීමේ 101 වන ස්ථානට ඔස්ට්‍රේලියානුවෙක් හිමිකරගෙන ඇති අතර ඒ ඇන්ඩෲ ෆොරස්ට් සහ පවුලයි.

ඔවුන්ගේ වත්කම සටහන්ව ඇත්තේ ඩොලර් බිලියන 29.15ක් ලෙසයි.

එම ශ්‍රේණිගත කිරීමේ 111 වන ස්ථානය ඔස්ට්‍රේලියානු හැරී ත්‍රීගුබෝෆ් හිමිකර ගෙන ඇති අතර ඔහුගේ වත්කම ඩොලර් බිලියන 25.31ක්.
ඔහු ඔස්ට්‍රේලියාවේ මෙරිටන් සමාගමේ නිර්මාතෘ වනවා.

තවද ඔස්ට්‍රේලියාවේ මයික් කැනන් 148වන බිලියනපතියා ලෙස නම්කර ඇති අතර ඔහුගේ වත්කම ඩොලර් බිලියන 20.1ක් ඔහු ඇට්ලසිඑන් සමාගමේ සම නිර්මාතෘ වනවා.

එම ශ්‍රේණිගත කිරීමේ 152 වන ස්ථානය ද ඔස්ට්‍රේලියානුවෙක් හිමිකර ගෙන ඇති අතර ඔහු කැනොන් බෲකර් හී නිර්මාතෘ වන ස්කොට් Farquhar වනවා.
ඔහුගේ වත්කම සටහන්ව ඇත්තේ ඩොලර් බිලියන 19.95ක් ලෙසයි.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »