2002 වසරේ සිට 2024 වසරේ ජනවාරි මාසය වන විට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාරන ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 567,505 ඉක්මවා තිබෙනවා.
එම අගය 2023 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 24ක වැඩිවීමක් බව සඳහන්.
ඔස්ට්‍රේලියාවේ සිටින ජාත්‍යන්තර සිසුන් අතර වැඩිම පිරිසක් චීන ජාතික සිසුන් වන අතර එම අගය සටහන්ව ඇත්තේ 155145ක් ලෙසයි.
එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය ඉන්දීය සිසුන් හිමිකරගෙන ඇති අතර එම සංඛ්‍යාව 97152ක් වනවා.
මෙරට අධ්‍යාපනය ලබන සිසුන් 48297ක් නේපාල ජාතිකයන් වන අතර එරට පත්වී ඇත්තේ තුන්වන ස්ථානයටයි.
මේ අතර ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකීය සිසුන් සංඛ්‍යාව 12446ක් වන අතර මෙරට ඉගෙනුම ලබන ශ්‍රී ලාංකිකයින්ට හිමිව ඇත්තේ එම ශ්‍රේණිගත කිරීමේ 11 වන ස්ථානයයි.
දකුණු ආසියාතක රටවල්වල සිසුන් වැඩි වශයෙන් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය සඳහා පැමිණෙන අතර පකිස්ථානය එම ශ්‍රේණිගත කිරීමේ 8වන ස්ථානයටත් ඉන්දුනිසියාව 9 වන ස්ථානයටත් පත්ව තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය සඳහා පැමිණෙන සිසුන් අතර ජපානයට හිමිවන්නේ 19 වන ස්ථානය වන අතර මෙරට සිටින ජපාන සිසුන් ගණන සටහන්ව ඇත්තේ 6141ක් ලෙසයි.