Search

ඔස්ට්‍රේලියානුවන්ට නොමිලේ ලැබෙන උණ එන්නත

අවදානමට ලක්විය හැකි ඔස්ට්‍රේලියානුවන් සඳහා උණ එන්නත නොමිලේ ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

එය ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට ඇතුලත් කිරීමෙන් පසු මෙම වසරේ සිට නව උණ එන්නත නොමිලේ ලබා ගැනීමට හැකි වනු ඇති.

මෙම එන්නත මගින් සෛල තුළ ප්‍රතිශක්තිකරණය වර්ධනය කෙරෙන අතර ඉදිරියේ එළඹෙන උණ රෝග සමයේදී සංසරණය වීමට ඉඩ ඇති විවිධ වෛරස්වල ප්‍රතික්‍රියාවන්ට ගැලපෙන පරිදි නිර්මාණය කර ඇති බව සඳහන්.

2021 වසරේදී භාවිතය සඳහා අනුමත කර ඇති මෙම එන්නත ජාතික ප්‍රතිශක්තිකරණය වැඩසටහන යටතේ සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානුවන්ට නොමිලේ ලබා ගත හැකි පළමු වසර මෙයයි.

උණ රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති වයස අවුරුදු පහේ සිට 64 දක්වා වන ඔස්ට්‍රේලියානුවන් සඳහා මෙම එන්නත ලබා ගත හැකි වනවා.

ගැබිනි කාන්තාවන්, ආදිවාසීන්, හෘද රෝග ඇති පුද්ගලයන්, නිදන්ගත ශ්වසන සහ ස්නායු තත්වයන් සහ දියවැඩියාව වැනි රෝගී තත්වයන් ඇති රෝගීන්ට මෙම එන්නත ලබා ගැනීමට සුදුසු නොවන බව සඳහන්.

ඔස්ට්‍රේලියාව තුළ නීති විරෝධීව සිටින්නන්ගේ වැඩිවීමක් ලාංකිකයන් 28 දෙනෙකුත් රැදවුම් භාරයේ

ඔස්ට්‍රේලියාව තුළ නීති විරෝධීව රැදී සිටින පුද්ගලයන්ගේ වර්ධනයක් මෙම වසරේදී පෙන්නුම් කරන බවට ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් සදහන් කර තිබෙනවා.

Read More »

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »