Search

ලොව වයස්ගතම මිනිසා දිවි ගමනට සමුදෙයි

ලොව වයස්ගතම මිනිසා ලෙසට ගිනස් ලෝක වාර්තා අතරට එක්ව සිටි වෙනිසියුලාවේ ජුවාන් විසෙන්ටේ පෙරෙස් මෝරා (Juan Vicente Perez Mora) ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔහු උපන් ගම් ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ ඥාතීන් ප්‍රකාශ කළේ වයස අවුරුදු 114ක්ව තිබියදී ජුවාන් විසෙන්ටේ මිය ගිය බවයි.

ගිනස් ලෝක වාර්තා කමිටුව මගින් ලොව වයස්ගතම පුද්ගලයා ලෙසට ඔහු නම් කරනු ලැබුවේ 2022 වසරේ දී යි.

ජුවාන් විසෙන්ටේගේ මරණය සම්බන්ධයෙන් වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ ද ට්විටර් සටහනක් තබා තිබෙනවා.

ගිනස් සඟරාවට අනුව පෙරේස් 2022 වසරේ පෙබරවාරි 4 වනදා වන විට වයස අවුරුදු 112 යි දින 253 ක් වූ අව්සතාවේදී යි ජීවතුන් අතර සිටින වයස්ගතම මිනිසා ලෙස නිල වශයෙන් තහවුරු කෙරුණේ.

දරුවන් 11 දෙනෙකුගේ පියෙකු වන ඔහුට 2022 වන විට මුණුබුරන් 59ක්, සහ මී මුණුබුරන් 12 දෙනෙක් සිටි බව සඳහන්.

1909 වසරේ මැයි 27 වනදා ඇන්ඩියන් ප්‍රාන්තයේ උපත ලැබූ ජුවාන් විසෙන්ටේ එම ගොවි පවුලේ සිටි දරුවන් 10 දෙනාගෙන් නවවැනියා බවයි සඳහන් වන්නේ.

ආර්ථික අර්බුධය නිසා ඔස්ට්‍රේලියානුවන් Gym යන එකත් නතර කරයි

ඔස්ට්‍රේලියාවේ ජනතාව තුළ පවතින මුල්‍ය ආතතිය වසර 10කින් ඉහළම අගයට පැමිණ ඇති බවට මූල්‍ය සේවා සමාගමක් වන AMP හි නවතම පර්යේෂණයට අනුව හෙළිවී තිබෙනවා.

Read More »

මෙල්බන් රියදුරන් අනවශ්‍ය ලෙස ඉන්ධනවලට වැඩි මිලක් ගෙවන බව හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගරවල මෝටර් රථ රියදුරන් පෙට්‍රල් සඳහා වැඩි මුදලක් ගෙවන බව නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මෙල්බන් හරිත නගරයක් කරන්න මෙල්බන් විශ්ව විද්‍යාලයෙන් නව අධ්‍යයනයක්

මෙල්බන් නගරය කිලෝමීටර් 1600ක් සහිත හරිත නගරයක් බවට පත් කිරීමේ හැකියාවක් පවතින බවට මෙල්බන් විශ්ව විද්‍යාලය මගින් සිදුකළ නවතම අධ්‍යයනයක දී තහවුරු වී තිබෙනවා

Read More »

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »