වසර 20කට වැඩි කලක් පවතින දැඩි නියඟයක් ඔස්ට්‍රේලියාවට ?

වසර 20කට වැඩි කාලයක් පුරා පවතිනු ඇතැයි පැවසෙන මහා නියඟයක් සඳහා සූදානම් වන ලෙස විද්‍යාඥයින් ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවනවා.

නව පර්යේෂණයකින් පෙන්නුම් කර ඇත්තේ වසර 20 ක් හෝ ඊට වැඩි කාලයක් පවතින දැඩි නියඟ අතීතයේ දී ද ඔස්ට්‍රේලියාවට බලපෑම් කර ඇති අතර එය නැවත සිදුවිය හැකි බවයි.

දේශගුණික විපර්යාස හමුවේ අනාගතයේ ඇති විය හැකි මෙම නියං තත්වයන් වඩාත් දරුණු හා දිගුකාලීන විය හැකි බවයි පැවසෙන්නේ.

නියඟයට පෙර බලපෑම් අවම කිරීම සඳහා සැලසුම් සකස් කරන ලෙස ගොවීන්ට උපදෙස් දී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ පර්යේෂණ මගින් පෙන්වා දී ඇත්තේ අනාගතයේ ඇති විය හැකි නියඟයන් මෑත කාලීනව අත්විඳින ඕනෑම දේශගුණික තත්වයකට වඩා දරුණු විය හැකි බවයි.

මෙවැනි දැඩි නියඟ ස්වභාවිකව ඇති වන අතර දේශගුණික විපර්යාස හමුවේ ඒවා වඩාත් දරුණු වනු ඇති බවයි දේශගුණ විද්‍යාඥ ජෝර්ජි ෆෝල්ස්ටර් පැවසුවේ.

වසර 1,000කට වැඩි කාලයකදී ඔස්ට්‍රේලියාවේ දේශගුණය වෙනස් වී ඇති ආකාරය සොයා බැලීමට පර්යේෂණ කණ්ඩායම විවිධ ක්‍රමවේද 11ක් භාවිතා කර තිබුණා.

ආචාර්ය ෆාල්ස්ටර් පෙන්වා දෙන්නේ මෙම පර්යේෂණය ගොවීන්ට සහ සමස්ත ප්‍රජාවට දිගු හා දරුණු නියඟයකට සූදානම් වීමට උපකාරී වනු ඇති බවයි.

ජල කළමනාකරණ උපාය මාර්ග, ප්‍රජා ආධාරක ජාල සහ ගොවීන් සඳහා මූල්‍ය ආධාර, පාරිසරික කළමනාකරණ සැලසුම් වැනි කරුණු සමඟ සූදානම් වීමෙන් නියඟවල බලපෑම අවම කළ හැකි බවයි ඇය කියාසිටියේ.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »