
ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන සෑම ඔස්ට්‍රේලියානුවන් 5 දෙනෙකුගෙන් එක් අයෙක් පවතින ජීවන වියදම හමුවේ එම කාඩ් පත් භාවිතය සීමා කර ඇති බව හෙළිව තිබෙනවා.
ෆයින්ඩර් විසින් 2024 වසරේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය සම්බන්ධ දත්ත උපයෝගි කරගනිමිනුයි මෙම වාර්තා ඉදිරිපත් කර ඇත්තේ.
ක්‍රෙඩ්ට් කාඩ්පත් හිමිකරුවන් 20ක් අතුරින් 1 අයෙක් නියමිත සීමාව ඉක්මවා භාවිත කිරීමෙන් දැඩි මූල්‍ය ආතතියකට පත්ව සිටින බව ද හඳුනාගෙන තිබෙනවා.

නිවාස මිලදී ගැනීමේ වූ අපේක්ෂාව හේතුවෙන් තරුණ ඔස්ට්‍රේලියානුවන් සැළකිය යුතු ලෙස ක්‍රෙඩිට් කාඩ්පත් ගණුදෙනුවලින් ඉවත්ව ඇති බවයි සමීක්ෂණයේ දී හෙළිවී ඇත්තේ.
ප්ලාස්ටික් අයිතම ක්‍රෙඩිට් කාඩ් ඔස්සේ මිලදී ගැනීම පසුගිය ජනවාරි මාසයේ ඉහළ ගොස් ඇති අතර ප්ලාස්ටික් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත්වලින් සිදු කළ ගණුදෙනු ඩොලර් බිලියන 35.3 ඉක්මවා ඇති බව සඳහන්.

ෆයින්ඩර් හි පාරිභෝගික පර්යේෂණ ප්‍රධානී ග්‍රැහැම් කුක් පවසන්නේ ක්‍රෙඩිට් කාඩ් හිමියන්ගෙන් සියයට 46ක් අවම වියදම් අවශ්‍යතා සපුරාලීමට අරගල කරමින් සිටින බවයි.