පොදු ප්‍රවාහන සේවා පුලුල් කරන්න නව ව්‍යාපෘතියක්

කැන්බරා අගනුවර පොදු ප්‍රවාහන සේවා පුලුල් කිරීමට අදාළ දේශීය නව ව්‍යාපෘතියක් ලිබරල් පක්ෂය විසින් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව මාර්ග ධාවනය සඳහා දේශීයව ඉදිකරන ලද ඉලෙක්ට්‍රික් බස් රථ මේ සඳහා යොදා ගත යුතු බවටයි යෝජනා ඉදිරිපත්ව ඇත්තේ.

දැනට යෝජිත සැහැල්ලු දුම්රිය වෙනුවට වඩාත් වේගවත් ඉලෙක්ට්‍රික් බස් රථ වෙන් කරන ලද මන්තීරු තුළ ධාවනයේ යෙදවීම වඩාත් ප්‍රයෝජනවත් වන බවයි ලිබරල් පක්ෂය පෙන්වා දෙන්නේ.

පොදු ප්‍රවාහන ප්‍රතිපත්තිය ඔක්තෝම්බර් මාස පැවැත්වීමට නියමිත කැන්බරා ප්‍රාන්ත මැතිවරණයට පෙර සම්මත කිරීමට ජනතාවගේ සහය අවශ්‍ය බවද විපක්ෂය සඳහන් කර තිබෙනවා.

මේ සඳහා ඩොලර් බිලියන 5ක ඇස්තමේන්තුගත මුදලක් වැව වන බව සඳහන්.

එළඹෙන ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් පක්ෂය ජයග්‍රහණය කරන්නේ නම් මෙරට නගර අලංකරණය මෙන්ම ප්‍රවාහන පද්ධති තවදුරටත් කාර්යක්ෂමව ස්ථාපිත කරන බවයිප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව වඩාත් විශ්වාසදායක, නිතර ධාවනය වන, සෘජු බස් මාර්ග සමඟ සතියේ දින හතේ වේගවත් සේවාවක් ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව ලිබරල් පක්ෂය පෙන්වා දෙනවා.

විශේෂයෙන් පාසැල් සිසුන් සඳහා ද ඉලෙක්ට්‍රොනික බස් රථ සේවා ඇති කිරීම සම්බන්ධයෙන් අදහස් පළවී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »