හෘද ආබාධ ඇතිවීමේ නව ප්‍රවණතාවක්

ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදු කළ නවතම අධ්‍යනයකට අනුව ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිත කරන පුද්ගලයින්ට හෘද ආබාධ ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බව හෙළිව තිබෙනවා.

ඒ අනුව ඊ- දුම්වැටි භාවිත කරන්නන්ට හෘදයාබාධ ඇතිවීමේ සම්භාවිතාව සියයට 20 කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

2018 වසරේ සිට ඔස්ට්‍රේලියානු වැඩිහිටියන්ගෙන් මිලියන 1.7ක් පමණ ඊ- දුම්වැටි සඳහා ඇබ්බැහි වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඇමරිකානු හෘදරෝග විද්‍යා විද්‍යාලයේ වාර්ෂික සැසිවාරයට සමගාමීව මෙම දත්ත ඉදිරිපත් කර ඇති අතර ඊ- දුම්වැටි භාවිත කරන පුද්ගලයින් 175667ක් මේ සඳහා යොදාගෙන තිබූ බව සඳහන්.

මෙහි ප්‍රධාන පර්යේෂක ආචාර්ය බෙනේ අල්හසන් ප්‍රකාශ කළේ සමීක්ෂණය සඳහා සහභාගී වූවන්ගෙන් සියයට 42ක් හෘද රෝගවලට ගොදුරු වී ඇති බවයි.

2022 වසරේ දෙසැම්බර් සිට 2023 වසරේ දෙසැම්බර් දක්වා මාස 12ක කාලසීමාව තුළ පුද්ගලයි ලක්ෂ 4කට ආසන්න ප්‍රමාණයක් ඊ දුම්වැටි සඳහා අලුතින් ඇබ්බැහිවී ඇති බව සඳහන්.

වයස අවුරුදු 14 සිට 17 දක්වා වූ නව යොවුන් වියේ පසුවන ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 9.6ක් පමණ ඊ- දුම්වැටි භාවිතයට හුරුවී ඇති බවයි වාර්තා වන්නේ.

තනි භාවිත ඉලෙක්ට්‍රෝනික දුම්වැටි ජනවාරි පළමුවනදා සිට ඔස්ට්‍රේලියාවේ තහනම් කර තිබුණ ද නීති විරෝධී ක්‍රමවේද හරහා තවමත් ඊ-දුම්වැටි වැඩි මිලට අලෙවි වන බව ද සඳහන් වනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »