ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනයට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් සංඛ්‍යාව ගැන අලුත් තොරතුරක්

2002 වසරේ සිට 2024 වසර වන විට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදැරීමට පැමිණ ඇති ශ්‍රී ලාංකික සිසුන් සංඛ්‍යාව 12,446 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම සිසුන් අතුරින් වැඩි පිරිසක් වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසන අතර එම අගය සටහන්ව ඇත්තේ 7804ක් ලෙසයි.

ජීවන වියදම, විශ්ව විද්‍යාල පහසුකම්, ගමනාගමනය සහ නවාතැන් යන මූලික අංග සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලාංකික සිසුන් වික්ටෝරියා ප්‍රාන්තය තොරා ගන්නා බවයි වාර්තා වන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තය ජාත්‍යන්තර සිසුන් අතර වඩාත් ප්‍රචලිත වන අතර එහි සිටින වැඩිම විදේශිය සිසුන් නියෝජනය කරන්නේ ඉන්දියානුවන් වීම විශේෂත්වයක්.

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගණන 1006ක් වන අතර දකුණු ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ගණන 946ක්.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ශ්‍රී ලාංකික සිසුන් අතර ප්‍රචලිත නොවන අතර එහි සිටින ශ්‍රි ලාංකීක අගය පිළිබඳ නිල සංඛ්‍යාත්මක අගයක් සටහන්ව නැහැ.

බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික සිසුන් ගණන 1136ක් සිටින අතර ටස්මේනියාවේ සිසුන් ගණන 207ක් සිටින බව සඳහන්.

නොදන් ටෙරිටරි කලාපයේ ශ්‍රී ලාංකික සිසුන් 92ක්ද කැන්බරා හි සිසුන් 118ක් ද ජීවත් වන බවයි වාර්තා වන්නේ.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »