Search

2008න් පසු උපත ලැබූ අයට ජීවිත කාලය පුරාවට දුම්කොළ නිෂ්පාදන මිලදී ගන්න බැරිවෙයි

2008 වසරෙන් පසු උපත ලැබූ සියලුම බ්‍රිතාන්‍ය වැසියන්ට තම ජීවිත කාලය තුළ දී දුම්වැටි හෝ දුම්කොළ නිෂ්පාදන මිලදී ගැනීමට නොහැකි වන පරිදි නව නීතියක් සම්පාදනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

දුම්කොළ සඳහා ප්‍රවේශය අඩු කිරීම මෙන්ම දුම්වැටිවල නිකොටින් මට්ටම ද සීමා කෙරෙන ලොව ප්‍රමුඛතම සෞඛ්‍ය ප්‍රතිසංස්කරණයක් බ්‍රිතාන්‍ය තුළ ඇති කිරීම මෙහි අරමුණයි.

එක්සත් රාජධානිය ලෝකයේ වැඩිම දුම්කොළ විරෝධී නීති පනවා ඇති රට බවට පත්ව තිබෙනවා.

මෙම පනත මේ වන විට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර මේ පිළිබඳ විවාදය පැවැත්වෙන දිනයක් මෙතක් ප්‍රකාශයට පත් කර නැහැ.

දැනට වයස අවුරුදු 18ට අඩු ළමුන් සඳහා දුම්වැටි හෝ ඊ- දුම්වැටි නීති විරෝධී වුව ද සෑම දරුවන් පස් දෙනෙකුගෙන්ම එක් අයෙකු ඊ- දුම්වැටි භාවිත කිරීමට උත්සාහ කර ඇති අතර, පසුගිය වසර තුන තුළ ඊ- දුම්වැටි භාවිත කරන ළමුන් සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

සෑම වසරකදීම දුම්වැටි හෝ දුම්කොළ නිෂ්පාදන මිලදී ගැනීමට අදාළ වයස් සීමාව ඉහළ දැමීමට පියවර ගන්නා බවද බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය තුළ බාලවයස්කරුවන් සඳහා ඊ – දුම්වැටි හෝ දුම්වැටි නිෂ්පාදන අලෙවි කරනු ලබන වෙළෙඳ සැල්වලට පවුම් 100ක දඩ මුදල් පැනවීමටද පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව නවසීලන්තය ද 2008 වසරෙන් පසුව ඉපදුනු පිරිස සඳහා දුම්වැටි හෝ දුම්කොළ නිෂ්පාදන මිලදී ගැනීම තහනම් කර තිබුණා.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »