ඉදිරි සති අන්තයේ කාලගුණ පද්ධති දෙකක බලපෑම් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ක්වීන්ස්ලන්ඩ් සිට නිව් සවුත් වේල්ස් දක්වා අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.
ප්‍රබල අඩු පීඩන අවපාතයක් නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් දෙසට ගමන් කරමින් පවතින අතර තවත් පීඩන අවපාතයක් ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරය ඔස්සේ දකුණට ගමන් කරමින් පවතින බවයි කාලගුණ විද්‍යා බලධාරීන් ප්‍රකාශ කළේ.
මේ හේතුවෙන් වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රන්තවලට දැඩි කුණාටු තත්වයක් ඇති විය හැකි අතර ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තවල සිකුරාදා සහ සෙනසුරාදා දිනවල මිලිමීටර් 300ට වැඩි වර්ෂාපතනයක් පවතිනු ඇතැයි පුරෝකථනය කෙරෙනවා.
බොහෝ විට ඇතැම් ප්‍රදේශවලට පැය 6ක් තුළ මිලිමීටර් 150ක් තරම් දැඩි ගිගුරුම් සහිත වර්ෂාවක් පතිත විය හැකි බවටයි පැවසෙන්නේ.
දරුණු කාලගුණික තර්ජනය පහව ගියද වික්ටෝරියා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට තද සුළං අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බව කාලගුණ විද්‍යා කාර්යාංශය සඳහන් කළා.
මේ අතර අද සවස සිට මෙල්බර්න් සහ අවට ප්‍රදේශ හරහා පැයට කිලෝමීටර 90 දක්වා වන තද සුළං අපේක්ෂා කෙරෙනවා.
එමගින් සෙන්ට්‍රල් කෝස්ට්, ගිප්ස්ලන්ඩ්, පෝට් ෆිලිප්, වෙස්ටර්න් පෝර්ට් සහ බටහිර වෙරළ තීරයේ ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වනු ඇතැයි සඳහන්.