කාන්තාවකට තනිව සංචාරයට හොඳම රට ශ්‍රී ලංකාව බවට පත් වෙද්දී ඔස්ට්‍රේලියාවට ලැබුණු තැන

කාන්තාවකට තනිව සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත අතරින් පළමු ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා.

ඒ ලෝ ප්‍රකට ‘ටයිම් අවුට්’ සඟරාව විසින් සිදු කරන ලද නවතම සමීක්‍ෂණ වාර්වක් අනුවයි.

තරුණ කාන්තාවන් බහු සංස්කෘතීන් සහිත රටවල් පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන අතර එහිදී කාන්තාවන්ට ඇති ආරක්ෂාව සැලකිල්ලට ගනිමිනුයි මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත්තේ.

වැඩි වශයෙන් මෙලෙස තනිව සංචාරය සඳහා වයස අවුරුදු 28ට අඩු තරුණ පිරිස් ප්‍රියතාවක් දක්වන බව සඳහන්.

කාන්තාවකට තනිව සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත අතර දෙවන ස්ථානය පෘතුගාලයටත් තුන්වන ස්ථානය චෙකියා ජන රජයටත් හතරවන ස්ථානය ජපානයටත් ලැබී තිබෙනවා.

කාන්තාවන්ට කිමිදීමට වඩාත් ආරක්ෂිත ස්ථාන, යුනෙස්කෝ ලෝක උරුම සහ නුවරඑළියේ චමත්කාරය, කන්ද උඩරට දුම්රිය සංචාර වැනි ආකර්ශනීය ස්ථාන හේතුවෙන් තනිව සංචාරයේ යෙදෙන විදේශීය කාන්තාවන්ට දකුණු ආසියාතික රාජ්‍යන් අතරින් ශ්‍රී ලංකාව සුදුසුම ස්ථානය ලෙසයි නම් කර ඇත්තේ.

මෙම ශ්‍රේණිගත කිරීමේ පස්වන ස්ථානය ග්වාතමාලාව හිමිකරගෙන ඇති අතර 7වන ස්ථානය හිමිවී ඇත්තේ ඔස්ට්‍රේලියාවටයි.

ඔස්ට්‍රේලියාව, තනි කාන්තාවකට සංචාරය සඳහා පැමිණිමට සුදුසු රාජ්‍යක් වන අතර නැගෙනහිර වෙරළ තීරය, සිඩ්නි වරාය ආශීත පාලම සහ ඔපෙරා හවුස් සංචාරකයින් අතර වඩාත් ආකර්ශනීයත්වයක් ගෙන තිබෙනවා.

එම ශ්‍රේණිගත කිරීමේ 6 වන ස්ථානට ග්‍රීසිය පත්වී ඇති අතර 9 වන ස්ථානයට පත්වී ඇත්තේ නවසීලන්තයයි.

ඉලොන් මස්ක්ට බලපෑම් නොකර අධිකරණයට යාමට ඔස්ට්‍රේලියාව සූදානමින්

සිඩ්නි දේවස්ථානයක සිදු වූ පිහි ප්‍රහාරයට සම්බන්ධ වීඩියෝ ඉවත් කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඉලොන් මස්ක් වෙත තවදුරටත් බලපෑම් කිරීමට නොයන බව ඔස්ට්‍රේලියා රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »