Search

ඔස්ට්‍රේලියාවේ ගුවන් යානා දෙකක් ගුවන් ගමන් අතර දෝෂවලට ලක්වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ දෙකකදී තාක්ෂණික දෝශ හේතුවෙන් ගුවන් යානා දෙකක් හදිසි ගොඩබෑම් සිදු කර තිබෙනවා.

වර්ජින් සමාගමට අයත් යානයක් හෙඩ්ලන්ඩ් බලා පිටත්ව යමින් සිටියදී තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊයේ පස්වරුවේ පර්ත් වෙත හදිසි ගොඩබැස්වීමක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

බෝයිං 737 ගුවන් යානය ඊයේ පස්වරුවේ පර්ත් ගුවන් තොටුපළෙන් පෝට් හෙඩ්ලන්ඩ් බලා පිටත්ව යමින් සිටියදී දෝෂය මතුවී තිබෙනවා.

ගොඩබැස්වීම වෙනුවෙන් ඉන්ධන දහනය කර ගැනීම සඳහා යානය පර්ත්හි උතුරු ප්‍රදේශය හරහා බොහෝ වේලාවක් ගමන් කර තිබු බවයි වාර්තා වන්නේ.

අදාළ ගුවන් යානය පෝට් හෙඩ්ලන්ඩ් වෙත පස්වරු 5.30 ට පමණ ගොඩබෑමට නියමිතව තිබූ අතර එම වේලාවට පමණ පර්ත් ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩබැස් වීම සිදු කර තිබෙනවා.

මේ අතර සැහැල්ලු ගුවන් යානයක් ගෝල්ඩ් කෝස්ට් ගුවන් තොටුපළකදී ලෑන්ඩින් ගියර්ස් නොමැතිව හදිසි ගොඩබෑමක් සිදු කෙරුණා.

ඊයේ රාත්‍රී 8ට පමණ ගුවන් යානයේ නියමුවන් ගොඩබැස් වීමට ආසන්නව තිබියදී වටහාගෙන ඇත්තේ ගොඩබෑමේ උපකරණ නිසි ලෙස ක්‍රියා නොකරන බවටයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ පාලක මැදිරියට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

පසුව ඔවුන් ඉන්ධන දහනය කිරීමට සහ ගොඩ බැස්වීමේදී සිදු වන අනතුරු අවම කර ගැනීමට උත්සාහ කරමින් ගුවන් තොටුපළ වටා ගමන් කර තිබුණා.

ගුවන් යානය ලෑන්ඩින් ගියර්ස් යොදා නොගෙන ගොඩ බැස්වූ අවස්ථාවේ එහි බඳ ධාවන පථයේ ගැටීමෙන් ගිනි පුපුරු විසිවී තිබූ බව සඳහන්.

හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා ගිනි නිවිම් රථ ඇතුලු ගිලන් රථ සේවා ද සූදානම් කර තිබූ නමුත් නියමුවන් දෙදෙනා ඇතුලු කිසිවෙකුටත් අනතුරක් සිදුවී නැහැ.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »