
මෑත කාලීන ඉතිහාසයේ බටහිර ඔස්ට්‍රේලියානු මාර්ගවල සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව පාස්කු සති අන්තයේ සිදුවු බව මාර්ග ආරක්ෂණ කොමසාරිස්වරයා පවසනවා.
පාස්කු නිවාඩුවේදී රිය අනතුරුවලින් පස් දෙනෙකු මිය ගිය අතර තවත් බොහෝ පිරිසකට බරපතල තුවාල සිදු වූ බවයි වාර්තා වන්නේ.
බටහිර ඔස්ට්‍රේලියාවේ මාර්ග ආරක්ෂාව පිළිබඳ කොමසාරිස් ඇඩ්‍රියන් වෝනර් පවසන්නේ මෙම වසරේ දීර්ඝ පාස්කු සති අන්තය දිගු කාලයකින් වාර්තා වූ නරකම නිවාඩු සමය බවයි.

වාහන එකිනෙක ගැටීමෙන් 47 හැවිරිදි කාන්තාවක් සහ 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මියගිය අතර තවත් අනතුරකින් 12 හැවිරිදි ළමයෙකු බරපතල තුවාල ලැබුවා.
සෙනසුරාදා වාහන එකිනෙක ගැටීමෙන් 19 හැවිරිදි තරුණයෙකු සහ 27 හැවිරිදි තරුණයෙකු ද මරණයට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

ඉරිදා රාත්‍රියේ පර්ත්හි යතුරුපැදි අනතුරකින් 30 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මාර්ග ආරක්ෂණ කොමසාරිස් ඇඩ්‍රියන් වෝනර් පැවසුවේ මෙම දිගු සති අන්තය වසර ගණනාවකට පසු නරකම සති අන්තයක් වූ බවයි.
පසුගිය වසර පහ තුළ, පාස්කු නිවාඩු කාලය තුළ පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති අතර එය වසරකට සාමාන්‍යයෙන් මරණ දෙකක් වනවා.
වෝනර් පැවසුවේ පාස්කු සති අන්තය බොහෝ විට ප්‍රාන්තය පුරා මාර්ග අනතුරු සම්බන්ධයෙන් වසරේ කාර්යබහුලම කාලය බවයි.
පාස්කු උත්සව සමයේදී වසරේ අනෙකුත් කාලයන්ට සාපේක්ෂව රියදුරන් නොසැලකිලිමත්කම, අධික වේගය හෝ මත්පැන් හේතුවෙන් මියයාමට හෝ බරපතල තුවාල ලැබීම දෙගුණයක් වැඩි බව සඳහන්.