චාල්ස් රජුගේ අනුමැතියෙන් ඔස්ට්‍රේලියාවේ මීළඟ ආණ්ඩුකාරවරයා නම් කෙරේ

ඔස්ට්‍රේලියාවේ මීළඟ ආණ්ඩුකාරවරයා ලෙසට සමන්තා මොස්ටින් පත් කරන බව අග්‍රාමාත්‍ය අගමැති ඇන්තනි ඇල්බනීස් නිවේදනය කර තිබෙනවා.

අද උදෑසන අගමැතිවරයා පැවසුවේ තුන්වන චාල්ස් රජු විසින් ද මෙම පත්වීම අනුමත කළ බවයි.

සමන්තා මොස්ටින් ඔස්ට්‍රේලියාවේ 28 වැනි ආණ්ඩුකාරවරිය ලෙසට පත් වනු ඇති අතර එම තනතුර දරන දෙවන කාන්තාව වන්නේ ද ඇයයි.

වත්මන් ආණ්ඩුකාර ඩේවිඩ් හර්ලි වෙනුවට ඇය ලබන ජූලි මස පළමුවනදා පාර්ලිමේන්තු මන්දිරයේදී දිවුරුම් දෙනු ඇති.

ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක් වන මොස්ටින් කාන්තා විධායක සංගමයේ සභාපතිනිය වන අතර ඔස්ට්‍රේලියා පාපන්දු ලීගයේ කොමසාරිස්වරියක වූ පළමු කාන්තාව ද වනවා.

සමන්තා මොස්ටින් යනු නූතන ඔස්ට්‍රේලියාවේ හොඳම දේ නියෝජනය කරන සුවිශේෂී නායකයෙක් බවයි අගමැතිවරයා කියාසිටියේ.

ලොව බලවත්ම පුද්ගලයන් 100 අතරට ශ්‍රී ලාංකික කාන්තාවක්

ටයිම්ස් සඟරාව මගින් නම් කර ඇති ලෝක‍යේ බලවත්ම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ද ඇතුළත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වලදී පිළිකාවට ගොදුරු වූ ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවිය ජනතාවගේ සහාය ඉල්ලයි

මහජන සෞඛ්‍ය පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරිමට මෙල්බන් වෙත පැමිණි ශ්‍රී ලාංකික වෛද්‍ය නිලධාරිනියක් වූ ඔෂිකා විජයගුණරත්න අවාසනාවන්ත ලෙස පිළිකාවකට ගොදුරු වී තිබෙනවා.

Read More »

උමා ඔය විවෘත කරන්න ඉරාන ජනපති අද ශ්‍රී ලංකාවට

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අද ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්වීමට නියමිතව තිබෙනවා.

Read More »