Search

මෙල්බන්වලට වැහැපු වැස්ස වාර්තාගත වෙයි

වසර 4කට පසු මෙල්බන්හි වාර්තාගත වර්ෂාපතනයක් අප්‍රේල් මාසය ආරම්භයත් සමග සටහන් වූ බව කාළගුණ විද්‍යා කාර්යාංශය පවසනවා.

වික්ටෝරියා ප්‍රාන්තයට පැවති සුළි කුණාටු තත්වය හේතුවෙන් ප්‍රාන්තය පුරා වර්ෂාධික කාළගුණයක් පැවති බවයි වාර්තා වන්නේ.

දැඩි නියඟයත් සමග පසුගිය මාසය පුරා වික්ටෝරියා ප්‍රාන්තයට ලැබී තිබුණේ මිලිමීටර් 2.8 ක් වැනි සුලු වර්ෂාපතනයක් පමණයි.

ගතවූ පැය විසි හතරක කාලසීමාව තුල මෙල්බන් නගරයට මිලිමීටර 53.2ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර දැඩි වර්ෂාවත් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ අකුණු 170,205 ක් පමණ වාර්තා වී තිබෙනවා.

ඉදිරි දින කිහිපය තුළ ද ප්‍රාන්තය පුරා සැළකිය යුතු වර්ෂාවක් තවදුරටත් අපේක්ෂා කරන අතර හදිසි ගංවතුර ඇති විය හැකි බවටයි කාළගුණ විද්‍යා කාර්යාංශය අනතුරු ඇඟවීමක් සිදු කර ඇත්තේ.

මින් වැඩිම බලපෑමක් මෙල්බන් අගනුවරට සිදුවී ඇති අතර ජලයෙන් යටවිය හැකි මාර්ග හැකිතාක් මගහරින ලෙස බලධාරීන් ජනතාව දැනුවත් කර තිබෙනවා.

බාලි යන ඔස්ට්‍රේලියානුවන්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමිවන වැරදි මෙන්න

ඉන්දුනීසියාවේ බාලි දූපත්වල සංක්‍රමණ නීති සඳහා හඳුන්වා දුන් වෙනස්කම් හේතුවෙන් ඇතැම් සංචාරකයින්ට ජීවිතාන්තය දක්වා සිරගත විය හැකි දඬුවම් ඇතුලත් බවට වාර්තා වනවා.

Read More »

ආර්ථික අර්බුධය නිසා ඔස්ට්‍රේලියානුවන් Gym යන එකත් නතර කරයි

ඔස්ට්‍රේලියාවේ ජනතාව තුළ පවතින මුල්‍ය ආතතිය වසර 10කින් ඉහළම අගයට පැමිණ ඇති බවට මූල්‍ය සේවා සමාගමක් වන AMP හි නවතම පර්යේෂණයට අනුව හෙළිවී තිබෙනවා.

Read More »

මෙල්බන් රියදුරන් අනවශ්‍ය ලෙස ඉන්ධනවලට වැඩි මිලක් ගෙවන බව හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගරවල මෝටර් රථ රියදුරන් පෙට්‍රල් සඳහා වැඩි මුදලක් ගෙවන බව නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මෙල්බන් හරිත නගරයක් කරන්න මෙල්බන් විශ්ව විද්‍යාලයෙන් නව අධ්‍යයනයක්

මෙල්බන් නගරය කිලෝමීටර් 1600ක් සහිත හරිත නගරයක් බවට පත් කිරීමේ හැකියාවක් පවතින බවට මෙල්බන් විශ්ව විද්‍යාලය මගින් සිදුකළ නවතම අධ්‍යයනයක දී තහවුරු වී තිබෙනවා

Read More »

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »