රාත්‍රී සමාජ ශාලාවක ගින්නකින් 29ක් ජීවිතක්ෂයට

තුර්කියේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව එක් අයෙකු තුවාල ලබා තිබෙනවා.

ඉස්තාන්බුල් හි මහල් 16කින් යුත් ගොඩනැගිල්ලක පහළම මාලයේ ඇති සමාජ ශාලාවක මෙම ගින්න හටගෙන ඇත්තේ මධ්‍යම රාත්‍රියෙන් පසුව බවයි ඉස්තාන්බුල් ආණ්ඩුකාරවරයා පැවසුවේ.

එය වසා දමා දිවා කාලයේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු වෙමින් පැවති අතර ගින්නෙන් මියගිය පිරිස එම ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත වූවන් බවටයි සැක කෙරෙන්නේ.

ගින්න සම්බන්ධයෙන් සේවා ස්ථාන නිලධාරීන් තිදෙනෙක්, රාත්‍රී සමාජශාලා කළමනාකරු සහ ප්‍රතිසංස්කරණ කළමනාකරු ඇතුලු පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

ගින්නට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති බව ආණ්ඩුකාරවරයා සඳහන් කර තිබෙනවා.

ඉස්තාන්බුල්හි නගරාධිපතිවරයා සමාජ මාධ්‍ය ඔස්සේ සිය ශෝකය ප්‍රකාශ කළ අතර ජනාධිපති රෙසිප් ටයිප් එර්ඩොගන් ද මෙම සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගෙන් කරුණු විමසා ඇතැයි සඳහන්.

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »

ඇඩිලේඩ්හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයක හදිසි පොලිස් මෙහෙයුමක්

ඇඩිලේඩ්හි Marion ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථානයකට පැමිණි සන්නද්ධ පුද්ගලයෙක් හේතුවෙන් එහි ජනතාව ඉවත් කර විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Read More »