ගාසා තීරයේ සිදු වූ ඔස්ට්‍රේලියානු කාන්තාවගේ මරණය නිසා අගමැති තීරණයක් ගනී

ගාසා තීරයේදී එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඔස්ට්‍රේලියානු සහන සේවා නිලධාරිනියක් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමුවීමට සැලසුම් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු ඇතුළු සහන සේවකයන් හත් දෙනෙකුට මරු කැඳවූ ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති සමඟ තමා තවමත් අදහස් හුවමාරු කරගෙන නොමැති බවයි අගමැතිවරයා සඳහන් කළේ.

මධ්‍යම ගාසා තීරයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් මියගිය සේවකයින් හත් දෙනා අතර මෙල්බර්න්හි උපන් ලාල්සාමි ෆ්‍රෑන්ක්කොම් ද වනවා.

අගමැතිවරය සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය ඊශ්‍රායල් රජය සමඟ අදහස් හුවමාරු කරගෙන තිබුණ ද මෙම ඛේදවාචකය සඳහා පැහැදිලි කිරීමක් වෙනුවෙන් ඊශ්‍රායල අගමැති සමඟ කතා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ අහිංසක මිනිසුන්ට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කළ බව නෙතන්යාහු ඊයේ පිළිගෙන තිබෙනවා.

ප්‍රහාරය පිළිබඳව තම නිලධාරීන් සොයා බලමින් සිටින අතර නැවත මෙවැනි සිදුවීම් සිදු නොවීමට සෑම දෙයක්ම කරන බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

ෆ්‍රෑන්ක්කොම්ට අමතරව ඝාතනයට ලක්වූවන් අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් තිදෙනෙක්, පෝලන්ත ජාතිකයෙක්, ඇමෙරිකානු-කැනේඩියානු ද්විත්ව පුරවැසියෙක් සහ පලස්තීන ජාතිකයෙක් ද වනවා.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »