ඔස්ට්‍රේලියාවේ වයෝවෘද්ධ රැකවරණ අංශයේ ප්‍රතිසංස්කරණ තවත් වසරකින් පමණ ප්‍රමාද විය හැකි බවට කරුණු අනාවරණ වී තිබෙනවා.
වයෝවෘද්ධ සත්කාරවල ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සඳහා යෝජනා කරන ලද ප්‍රතිසංස්කරණ ජූලි පළමු වනදා සිටයි ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණේ.
දින නියමයක් නොමැති කල් යාම හේතුවෙන් ලබන 2025 වසරේ ජනවාරි හෝ ජූලි මාසයේ අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීමේ දිනය ලෙස පුරෝකථනය කර ඇති බව සඳහන්.
නව යෝජිත නීතිවලට පදිංචිකරුවන්ගේ අයිතිවාසිකම්, රැකවරණයේ ගුණාත්මකභාවය සහ සරල පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා වන වෙනස්කම් ඇතුළත් වුණා.
අදාළ ප්‍රමිතීන් කඩ කරන බව සොයා ගත් වයෝවෘද්ධ රැකවරණ කාර්ය මණ්ඩලය සහ අධ්‍යක්ෂවරුන්ට අපරාධ දඬුවම් කිරීමේ හැකියාව ද කෙටුම්පත යෝජනා කර තිබෙනවා.
මෙම ප්‍රමාදය හේතුවෙන් වයස්ගත සත්කාර අංශයේ අවිනිශ්චිතභාවය පිළිබඳ කනස්සල්ලක් ද මතුවී ඇති බවයි වාර්තා වන්නේ.