Google Chrome දත්ත ගොනු බිලියන ගණනක් ඉවතට

නඩු කටයුත්තක් හේතුවෙන් ගූගල් සමාගම ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය භාවිතා කරන්නන්ගේ දත්ත අඩංගු ගොනු බිලියන ගණනක් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ගූගල් සමාගම විසින් ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය භාවිතා කරන්නන්ගෙන් එකතු කරන ලද පුද්ගලික තොරතුරු අඩංගු වාර්තා බිලියන ගණනක් මේ වන විටත් මකා දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඇමරිකා එක්සත් ජනපදය තුළ ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය භාවිත කරන මිලියන 136කට අධික පරිශීලකයන්ගෙන් එකතු කරන ලද පුද්ගලික තොරතුරු අඩංගු වාර්තා මෙලෙස මකා දැමීමට ගුගල් සමාගම එකඟ වී ඇති බව සඳහන්.

2020 වසරේ දී ගුගල් සමාගමට විරුද්ධව පවරා තිබූ රහස්‍ය භාවය සම්බන්ධ නඩු කටයුත්තකට අනුව පසුගිය සඳුදා ලැබූ අධිකරණ තීන්දුව මත මෙම පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

මෙළෙස මකා දමන දත්තවලින් කිසිවෙකුටත් අගතියක් නොවන බව ගූගල් සමාගම නිවේදනය කර තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපද තුළ තරඟකාරිත්වය සහ නවෝත්පාදනයන් වලක්වාලීම සඳහා ගූගල් සමාගම ක්‍රෝම් බ්‍රවුසරයේ ආධිපත්‍යය අනිසි ලෙස භාවිතා කරන බවට අධිකරණය හමුවේ චෝදනා එල්ල වී තිබුණා.

මෙම නඩු කටයුත්තට අදාළ අවසන් නියෝගය ලබන මැයි මස පළමුවනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් ඇතුලු කණ්ඩායමකින් energy-‘smart ගඩොල්

ඔස්ට්‍රේලියාවේ තාක්‍ෂණ, සැලසුම් සහ ව්‍යවසාය පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය වන RMIT විසින් සිදු කළ නවතම පර්යේෂණයක් සඳහා ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ලොව බලවත්ම පුද්ගලයන් 100 අතරට ශ්‍රී ලාංකික කාන්තාවක්

ටයිම්ස් සඟරාව මගින් නම් කර ඇති ලෝක‍යේ බලවත්ම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ද ඇතුළත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වලදී පිළිකාවට ගොදුරු වූ ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවිය ජනතාවගේ සහාය ඉල්ලයි

මහජන සෞඛ්‍ය පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරිමට මෙල්බන් වෙත පැමිණි ශ්‍රී ලාංකික වෛද්‍ය නිලධාරිනියක් වූ ඔෂිකා විජයගුණරත්න අවාසනාවන්ත ලෙස පිළිකාවකට ගොදුරු වී තිබෙනවා.

Read More »