අපරාධ අවම කරන්න ක්වීන්ස්ලන්ඩ් පොලිසිය අලුත් විදියකට එයි

ප්‍රාදේශීයව සිදුවන අපරාධ අවම කිරීමේ අරමුණින් මවුන්ට් ඊසා ප්‍රදේශයේ ජංගම පොලිස් ස්ථාන ස්ථාපිත කිරීමට නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ක්වීන්ස්ලන්ත පොලිසිය “Bring the Beat” වැඩසටහනේ අත්හදා බැලීමක් ලෙසටයි මවුන්ට් ඊසා වෙතින් මෙම වැඩසටහන ආරම්භ කර ඇත්තේ.

මවුන්ට් ඊසා දිස්ත්‍රික් අධිකාරීවරයා පැවසුවේ ප්‍රදේශවාසීන්ට අවශ්‍ය පොලිස් සහාය සඳහා වඩා හොඳ ප්‍රවේශයක් ලබා දීමට මෙන්ම හඳුනාගත් අපරාධ කලාපවලට පොලිස් දෘශ්‍යතාව වැඩි කිරීමට මෙය සැලසුම් කර ඇති බවයි.

අනෙකුත් පොලිස් බල ප්‍රදේශයන්හි සාර්ථකත්වය හේතුවෙන් මවුන්ට් ඊසා ප්‍රදේශවාසීන්ටත් Bring the Beat තුලින් තම ප්‍රජාවේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාකාරීව සහභාගී වීමට අවස්ථාව ලැබෙනු ඇති.

නව ජංගම පොලිසියේ නිලධාරීන් දේශීය අපරාධ ගැටළු පිළිබඳ පැමිණිලි ලබා ගැනීමට සහ නිවැසියන්ට මෙන්ම ව්‍යාපාරිකයින්ට අපරාධ වැළැක්වීමේ උපදෙස් ලබා දීමට ද පියවර ගෙන තිබෙනවා.

මවුන්ට් ඊසා ප්‍රදේශවාසීන්ට මෙම පොලිස් ස්ථානය තම ප්‍රදේශයට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් මාර්ගගත පෝරමයක් ඉදිරිපත් කළ හැකි අතර ක්වීන්ස්ලන්ත පොලිසිය සඳහන් කළේ සෑම ඉල්ලීමක්ම වත්මන් බුද්ධි මෙහෙයුම් සමඟ සලකා බලනු ඇති බවයි.

මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට ස්කොට්ලන්තයෙන් ලකුණු 181ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 181ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »

විරෝධතාකරුවන්ගේ වැඩ නිසා සිඩ්නි සරසවි බලධාරීන් අවසන් තීරණයක් ගනී

පලස්තීන හිතවාදී ක්‍රියාකාරින්ගේ කඳවුරු සහ අනාරක්ෂිත කූඩාරම් වහාම ඉවත් කර ගන්නා ලෙසට සිඩ්නි විශ්ව විද්‍යාලය නියෝග කර තිබෙනවා.

Read More »