ගායන ශිල්පී සේනක බටගොඩට ගීත 7ක් ගායනය කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසිනුයි අද (02) මෙම වාරණය නිකුත් කරනු ලැබුවේ.
අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පණක් තිබෙනවා, හොඳම දේ, සැනසෙන්නම් යන ගීත 7 ගායනය කිරීම වළක්වමින් මෙම වාරණ නියෝගය පනවා තිබෙනවා.
ඒකාබද්ධ ගීත පද රචනය, තනු නිර්මාණය සහ සංගීත නිර්මාණය කළ ජනත් කුලතිලකට බුද්ධිමය දේපළ පනත යටතේ ගෙවිය යුතු කතෘ භාගය නොගෙවීම සම්බන්ධයෙන් විභාග වූ නඩුවක් අනුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.
ජනත් කුලතිලක විසින් සිය නීතිඥයින් මාර්ගයෙන් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකා බලමින් එම ගීත 7 ජනත් කුලතිලකගේ ලිඛිත අවසරයකින් තොරව වෙනත් පාර්ශ්වයන් වෙත පැවරීම වළක්වාලමින් ද වාරණයක් නිකුත් කර තිබෙනවා.