Search

ඥානසාර හිමිට ඇප නැතිවෙයි

බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇප මත මුදාහරින ලෙස කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඥානසාර හිමිට සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසිනුයි ඊයේ මෙම තීන්දුව ලබා දී ඇත්තේ.

වසර හතරක සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් විත්තිකරු ඇප මත නිදහස කරන ලෙස ඉල්ලමින් නීතිඥවරුන් විසින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබුණා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් පසුගියදා ගලබොඩ අත්තේ ඥානසාර හිමිට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරනු ලැබුවේ නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමින්.

2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු කළ බවට වන චෝදනා මත මෙම නඩුව ගොනු කර තිබුණා.

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් පොලී අනුපාත අඩු කරයි

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මෙරට දැවැන්ත බැංකු හතරෙන් එකක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) විසින් ස්ථාවර පොලී අනුපාත (fixed interest rates) අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »