වංචාවන්ට හසුවූ ඔස්ට්‍රේලියානුවන්ට බිලියන 15ක් අහිමි වෙයි

සමාගම් ලෙස පෙනී සිටිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙස ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

එසේම ව්‍යාජ Linkedin ගිණුම් නිර්මාණය කරමින් සත්‍ය සමාගමක් ලෙස ජනතාවට පෙන්නුම් කිරීම සඳහා වංචනිකයන් විවිධ උපක්‍රම භාවිත කරන බවයි හෙළිව ඇත්තේ.

Scam watch වාර්තා අනුව මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ සමාගම්වලට රැවටීමෙන් ඔස්ට්‍රේලියානුවන් අහිමි කරගත් මුදල ඩොලර් මිලියන 15කට ආසන්න බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ බැංකු සමාගම් ලෙස ව්‍යාජව පෙනී සිටිමින් සමාජ මාධ්‍ය මගින් ජනතාව රැවටීමේ සිදුවීම් ඔස්ට්‍රේලියාව තුළ වැඩි වශයෙන් සිදුවන අතර එවැනි ක්‍රියා සඳහා මුදල් යෙදවීමට පෙර එහි සත්‍ය අසත්‍යතාව දෘෂ්‍යමානව දැක ගැනීමට කටයුතු කරන ලෙසට දැනුම් දී තිබෙනවා.

ලැබෙන දුරකථන ඇමතුම් නීත්‍යානුකූල අංකවලින් ලැබෙන බවට තහවුරු කිරීම අනිවාර්ය වන අතර SMS පණිවුඩ මගින් ලබා දෙන link වෙත ප්‍රවේශ නොවන ලෙසයි ජනතාවට දන්වා ඇත්තේ.

Scam watch වාර්තා පෙන්වා දෙන්නේ මෙවැනි වංචනිකයන් තම අනන්‍යතාව සත්‍ය ලෙස දැක්වීමට දුරකතන ඇමතුම් මගින් පාරිභෝගිකයින් හා සම්බන්ධ වන බවයි.

අන්තර්ජාල වංචනික ක්‍රියාවන්ට හසුවූ ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් දුරකතන සංවාද හරහා පමණක් මෙලෙස සත්‍යතාව විමසා බැලීමට යෑමෙන් නොයෙක් වංචනික ක්‍රියාවන්ට නතුවන බව ද සඳහන්.

T20 ලෝක කුසලානයේදී Pat Cummins ගෙන් යළිත් වාර්තාවක්

2024 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩක පැට් කමින්ස් අද සමත්වුණා.

Read More »

ඔස්ට්‍රේලියානු තරුණයන්ගේ ක්‍රියාවක් නිසා අනාගතය ගැන අවදානමක්

දකුණු ඔස්ට්‍රේලියානු තරුණයින් අතර සාමාන්‍ය දුම් පානය අභිබවා ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඇෆ්ගනිස්ථානයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ super 8 වටයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

NSW පොලිසියට එරෙහිව ජනතාව තීරණයක් ගනී

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පොලිසියට එරෙහිව සාමාන්‍ය ජනතාව විසින් පැමිණිලි 26,000කට වැඩි ප්‍රමාණයක් ගොනු කර ඇති බවට නව දත්ත මගින් හෙළිවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට විශේෂ දැනුම්දීමක්

සමස්ත රට පුරා ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගීන්ගේ වැඩිවීමක් පවතින බැවින් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.

Read More »