ෆෙඩරල් මන්ත්‍රීවරුන්ට දඩ ගහන්න අලුතින් නීති

අශෝබන සහ අනුමත කළ නොහැකි හැසිරීම් සඳහා ෆෙඩරල් මන්ත්‍රීවරුන්ට ඩොලර් දහස් ගණනක දඩ පැනවිය හැකි නව නීතියක් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

මෙම වසර අවසානයේ නව පාර්ලිමේන්තු ප්‍රමිති කොමිසමක් හඳුන්වා දීමෙන් අනතුරුවයි මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් මෙම නීතිමය පියවර ගැනීමට නියමිතව ඇත්තේ.

පාර්ලිමේන්තු කාර්යාලයකදී තමා දූෂණය කළ බවට මන්ත්‍රීවරියක එල්ල කළ චෝදනාවෙන් පසුව විෂමාචාර පිළිබඳ පැමිණිලි විමර්ශනයට ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති කොමිසමක් ස්ථාපිත කිරීමට නිර්දේශ කෙරුණා.

2021 දී ප්‍රකාශයට පත් කරන ලද Set The Standard වාර්තාව මගින් ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති කොමිසමක් ස්ථාපිත කිරීමට නිර්දේශ කෙරුණු අතර සුදුසු අවස්ථාවලදී සම්බාධක නිර්දේශ කිරීම සහ භාරදීම ද ඊට අයත්.

ඔක්තෝම්බර් මාසය වන විට හඳුන්වා දීමට නියමිත නීති සම්පාදනය තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති වුව ද වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා තිබිය හැකි නීති කිහිපයක් හෙළිවී ඇති බව සඳහන්.

ඒ අනුව පාර්ලිමේන්තු මාර්ගෝපදේශ උල්ලංඝණය කර ඇති බවට අනාවරණය වුවහොත් මන්ත්‍රීවරයෙකුගේ මූලික වැටුපෙන් සියයට 2ත් 5ත් අතර දඩ මුදලක් පැනවිය හැකි වනවා.

වැරදි කරන මන්ත්‍රීවරයකු කමිටුවකින් ඉවත් කිරීමට හෝ පාර්ලිමේන්තුවෙන් අත්හිටුවීමට පවා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට හෝ සෙනෙට් සභාවට නිර්දේශ කිරීමට ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති කොමිසමට හැකි වනු ඇති.

දේශපාලන කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තු ප්‍රමිතීන් කඩ කරන අවස්ථාවකදී ඔවුන්ගේ වැටුපෙන් සියයට 2ක දඩයක් ඇතුළු සම්බාධක රැසක් පැනවීමට හෝ සේවයෙන් පහ කිරීමට පවා නිර්දේශ කළ හැකි බවයි වාර්තා වන්නේ.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »