ලාංකිකයන්ට ඔස්ට්‍රේලියාවට යන්න ක්‍රමයක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ආයතන ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන තාරුණ්‍යයට එම සිහින සැබෑවක් කරමින් අවශ්‍ය තොරතුරු ලබාදීම අරමුණු කර ගත් විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර තිබෙනවා.

“Aus Lanka TV Education Migration Expo 2024” නමින් මෙම වැඩසටහන සංවිධාන කර ඇත්තේ එලෙස ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා නිවැරදි මාවතක් සොයමින් සිටින සියලුදෙනා දැනුවත් කිරීමේ අරමුණින්.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංක්‍රමණික ආයතන, එහි නියෝජිතවරුන් සහ නීතිඥවරුන් ශ්‍රී ලංකාවට පැමිණ සිදු කරනු ලබන මෙම දැනුවත් කිරිමේ වැඩසටහන කොළඹ 5, Havelock City හිදී පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන මැයි මස 4 වන සෙනසුරාදායි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාලවලට සම්බන්ධව කටයුතු කරනු ලබන නියෝජිතවරුන් සහ නීතිඥවරුන් රැසක් Aus Lanka TV ආයතනය විසින් සංවිධාන කරනු ලබන Aus Lanka TV Education Migration Expo වැඩසටහනට එක්වනවා.

Student Visa, Sponsor Visa, Skill Visa සහ අනෙකුත් වීසා කාණ්ඩ ලබාගන්නා ආකාරය පිළිබඳ පූර්ණ දැනුවත් කිරීමක් සහ ඒ සඳහා මාර්ගය සලසා දීමට මෙහිදී සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

එමෙන්ම මෙම වැඩසටහනට පැමිණෙන ආයතන විසින් ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකි සියලුම නිවැරදි ක්‍රම සහ දැනුවත් කිරීම් ද ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට සූදානමින් පසුවනවා.

නිවැරදි විශ්ව විද්‍යාලයක් තෝරා ගැනීම, පුරවැසිභාවය ලබා ගැනීමට හැකියාව ඇති නිවැරදි පාඨමාලාවක් තෝරා ගැනීම, ශිෂ්‍යත්ව සඳහා අවශ්‍ය සුදුසුකම් පෙන්වා දීම සහ එම ශිෂ්‍යත්ව වෙත යොමු කිරීම, විශ්ව විද්‍යාල තෝරා ගැනීම සහ ඊට එක්වීම සඳහා අවශ්‍ය ක්‍රමවේද පැහැදිළි කර දීම, මූල්‍ය අවශ්‍යතාවන් සඳහා අවශ්‍ය නිවැරදි උපදෙස් ලබාදීම, Work Visa සඳහා අවශ්‍ය Sponsor සම්බන්ධ කර ගැනීමේ නිවැරදි මාර්ගය පිළිබඳ දැනුවත් කිරීම ද මෙහිදී සිදු කෙරෙනවා.

එදිනට මෙම සියලු සේවාවන් සපයනු ලබන්නේ නොමිලේ වන අතර Aus Lanka TV මාධ්‍ය ආයතනය ඒ ආකාරයෙන් වසර ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයන් දැනුවත් කළ ආයතනයක්.

මේ දිනවල ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී විශාල පිරිසක් වංචනික ක්‍රියාවලට හසුවන බැවින් නිවැරදි මාර්ගයකින් ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා ඔවුන්ට දැනුම ලබාදීම අරමුණු කර ගනිමිනුයි Aus Lanka TV මාධ්‍ය ජාලය Aus Lanka TV Education Migration Expo සැලසුම් කර ඇත්තේ.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »