කැන්ගරුවන් හඳුනා ගන්න වාහනවලට උපකරණයක්

ඔස්ට්‍රේලියාවේ වාහනවලට සතුන් ගැටීමෙන් සිදුවන අනතුරුවලින් සියයට 90ක් ම කැන්ගරුවන් ගැටීමෙන් සිදුවන බව හෙළිව තිබෙනවා.

එනම් සතුන් වාහනවලට ගැටීමෙන් සිදුවන අනතුරු 10න් 8ක්ම කැන්ගරුවන් හේතුවෙන් සිදුවන බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් වොක්ස්වැගන් ඔස්ට්‍රේලියා ආයතනය මගින් සමාගම් වාහන සඳහා කැන්ගරුවන් ගැවසෙන කලාපය හඳුනා ගැනීමට සංඥාව නිකුත් කිරීමේ හැකියාවක් සංවර්ධනය කිරීමටයි පියවර ගෙන තිබෙනවා.

එමගින් වාර්ෂිකව මාර්ග අනතුරුවලට ලක්වීමෙන් අහිමි වන කැන්ගරුවන්ගේ ජීවිත දහස් ගණනක් ආරක්ෂා කර ගැනීමට හැකිවන බවයි සඳහන් කර ඇත්තේ.

මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ කැන්ගරු හැසිරීම් පිළිබඳ විශේෂඥයින් සමඟ මෙම සත්වයාගේ හැසිරීම පිළිබඳ වැඩිදුර සොයා බැලීමට වොක්ස්වැගන් ඔස්ට්‍රේලියා ආයතනය කටයුතු කරන බව ද සඳහන්.

මේ වන විටත් වොක්ස්වැගන් ආයතනය මාස 6ක කාලසීමාවක සිට කැන්ගරුවන් බහුලව ගැවසෙන ඔස්ට්‍රේලියානු මාර්ගවල නව තාක්ෂණික ක්‍රම ඔස්සේ අධ්‍යනය කටයුතු සිදුකරමින් පවතින බවයි වාර්තා වන්නේ.

කැන්ගරුවන් බහුලව ගැවසෙන අනතුරු සිදු හැකි කලාපවල ස්වයංක්‍රීයව ශබ්ද නිකුත් කිරීමේ හැකියාව පවතින ආකාරයෙන් වාහන සංවර්ධනය කිරීම ගැන පරිසරවේදීන් ද සිය ප්‍රසාධය පලකර තිබෙනවා.

දෙන්නෙක් අරගෙන දෙන්නෙක් තෑගි දෙන්න චීන අගමැතිගෙන් පොරොන්දුවක්

ඇඩිලේඩ් සත්වෝද්‍යානයේ සිටින වැන්ග් වැන්ග් (Wang Wang) සහ ෆු නි (Fu Ni) නම් යෝධ පැන්ඩා යුවළ නැවත චීනයට රැගෙන ගොස් ඒ වෙනුවෙන් වෙනත් යෝධ පැන්ඩාවන් යුගළයක් ලබාදෙන බව චීන අගමැති ලි ශියෑන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »

මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට ස්කොට්ලන්තයෙන් ලකුණු 181ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 181ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »