
සාමාන්‍ය වැටුපක් හිමි ඔස්ට්‍රේලියානුවෙකුට රටේ ඕනෑම අගනුවරකින් නිවසක් මිලදී ගැනීමට වූ හැකියාව පිළිබද අපේක්ෂා බිඳ වැටී තිබෙනවා.
නිවසක් මිලදී ගැනීමට සාමාන්‍යයෙන් අවශ්‍ය වන වාර්ෂික වැටුප සමඟ නිවාස වෙලඳපොලට පිවිසීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානුවන්ට අයහපත් තත්වයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.
කෝලොජික් (CoreLogic) සහ ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) දත්ත අනුව පෙනී ගොස් ඇත්තේ දැරිය හැකි මිල ගණන් යටතේ වූ නිවාසවල මිල ද සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.

අප්‍රේල් මාසයේ ආරම්භයත් සමග නව නිවසක් මිලදී ගැනීමට අවම වශයෙන් ඩොලර් 164400ක වාර්ෂික ආදායමක් තිබිය යුතු අතර එම අගය සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුගේ වැටුප මෙන් සියයට 1.6ක ඉහළයෑමක් බව සදහන්.
තවද ප්‍රධාන නගරවල නිවසක් මිලදී ගැනීම සදහා ඩොලර් 186,940ක් හෝ තනි නිවාස ඒකකයක් සදහා ඩොලර් 133,837ක මුදලක් වැය වන බවයි වාර්තා වන්නේ.

තනි ආදායමක් හිමි පවුල් සඳහා නිවසක් මිලදී ගැනීමට දරාගත හැකි නගරයක් නොමැති අතර නිවාස පිරිවැය ආදායමෙන් සියයට 30 ඉක්මවනවා.
පර්ත් සහ ඩාවින් යනු තනි නිවාස ඒකකයක් මිලදී ගැනීම සඳහා දැරිය හැකි මිලකට ඇති එකම නගර වනවා.
රෙඩ් බ්‍රිජ් පෝලින්ග් (Red bridge Polling) විසින් මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව, ඡන්දදායකයින්ගෙන් සියයට 47ක් දැනටමත් නිවාස ආතතිය අත්විඳිමින් සිටින අතර, ඔවුන්ගේ ආදායමෙන් සියයට 30කට වඩා නිවාස සඳහා ගෙවන බවයි හෙළිව ඇත්තේ.