
COVID-19 වසංගතය හමුවේ ඇති වූ බාධා හේතුවෙන් පිළිකා රෝගයට සම්බන්ධ මරණවල සියයට 2.4ක වැඩිවීමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව වෛද්‍ය විශේෂඥයන් පවසනවා.
2020-2030 අතර කාලය තුළ ඔස්ට්‍රේලියාවේ බඩවැල් ආශ්‍රිත පිළිකා හේතුවෙන් රෝගීන් 234ක් සහ මරණ 1186ක් සිදු වනු ඇති බවටයි ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පර්යේෂණ මගින් අනාවරණ වී ඇත්තේ.
පර්යේෂකයන් විසින් කැනඩාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල් දෙකෙහිම බඩවැල් පිළිකා රෝගීන් සහ මරණ සම්බන්ධ තොරතුරු පදනම් කර ගනිමින් නිව් සවුත්වේල්ස් පිළිකා කවුන්සිලය සහ සිඩ්නි විශ්ව විද්‍යාලය විමර්ශන සිදු කර තිබෙනවා.

පෙනහළු පිළිකාවෙන් පසු ඔස්ට්‍රේලියාවේ වඩාත්ම හඳුනාගත් සහ මාරාන්තික පිළිකාව බඩවැල් පිළිකා වන අතර පහසු පරීක්ෂණයක් මගින් එය හඳුනා ගත හැකියි.
2023 දී ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුභසාධන ආයතන වාර්තාවක් පෙන්නුම් කළේ බඩවැලේ පිළිකා පරීක්ෂා කිරීමේ අනුපාතය කොවිඩ් වසංගතය හමුවේ පහත වැටී ඇති බවයි.

ජාතික සෞඛ්‍ය හා වෛද්‍ය පර්යේෂණ සභාව පසුගිය වසරේ අගභාගයේදී රෝගය පරීක්ෂා කිරීමේ වයස අවුරුදු 50 සිට 45 දක්වා අඩු කිරීමට නිර්දේශයක් ද නිවේදනය කර තිබෙනවා.
මළපහ වල රුධිරය, හේතුවක් නොමැති බර අඩු වීම, උදර වේදනාව, රක්තහීනතාවය සහ මලපහ පුරුදුවල නිරන්තර වෙනස්වීම් රෝගයේ සලකුණු බවටයි ජනතාවට දැනුම් දෙන්නේ.