Search

ගාසා තීරයේදී ඔස්ට්‍රේලියානු සේවිකාවකටත් ජීවිතය අහිමි වෙයි

මධ්‍යම ගාසා තීරයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ඔස්ට්‍රේලියානු සහන සේවිකාවක් මියගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.

මෙල්බන්හි උපන් ලාල්ස්වාමි ෆ්‍රෑන්ක්කොම් නම් ඇය තවත් ජාත්‍යන්තර සහන සේවකයන් තිදෙනෙකු සහ පලස්තීන රියදුරෙකු සමඟ මධ්‍යම ගාසා තීරයේ පුණ්‍යායතනයකට අනුයුක්තව සේවය කරමින් සිටියදී ප්‍රහාරයට ලක්වී ඇති බවයි සඳහන් වන්නේ.

මියගිය පස් දෙනාගේ සිරුරු අල් අක්සා රෝහලේ තැන්පත් කර ඇති අතර ඉන් තුන් දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර රෝහල් කාර්ය මණ්ඩලය විසින් සමාජ මාධ්‍යට එක් කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියා සහ පෝලන්ත ගමන් බලපත්‍ර ඊට අයත්.

මෙම පිරිස උතුරු ගාසා තීරය හරහා මධ්‍යම ගාසා තීරයට ගමන් කරමින් සිටියදී ඔවුන්ගේ වාහනය ගුවන් ප්‍රහාරයකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් උතුරේ සිවිල් වැසියන්ට ආධාර ලබාදී නැවත රෆා වෙත පැමිණෙමින් සිටි බවට ද තොරතුරු පවතිනවා.

44 හැවිරිදි ෆ්‍රෑන්ක්කොම් ජාතික සහ ජාත්‍යන්තර මානුෂීය කටයුතුවල නියැලී ඇති අතර 2019 වසරේ නිව් සවුත්වේල්ස් හි ලැව්ගිනිවලින් පීඩාවට පත් වූ ප්‍රජාවන්ට ආධාර සැපයීමට ද උදව් කළ අයෙක්.

අගමැති ඇන්තනී ඇල්බනිස් පැවසුවේ මෙම කණගාටුදායක පුවත මෙන්ම ගාසා තීරයේ සිදුවන ජීවිත හානි පිළිබඳව තමා දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »