Search

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණය ගැන අනතුරු ඇඟවීමක්

මෙල්බර්න් නගරයට දැඩි කුණාටු තත්වයක් ඇති වීමෙන් පසු වික්ටෝරියා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවල දැඩි කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

අද උදෑසන කාලගුණ විද්‍යා කාර්යාංශය විසින් ඊසාන දිග ප්‍රදේශවල සහ ගිප්ස්ලන්ඩ් ප්‍රදේශවලට තද වැසි සුළං පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලැබුවා.

ඇතැම් ප්‍රදේශවලට මිලිමිටර් 50කට වැඩි තද වැසි ඇතිවිය හැකි බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

එමෙන්ම අද සවස සිට ඊසාන දිග සීමාවන් හරහා පැයට කිලෝමීටර 90 දක්වා වූ තද සුළං ද ඇති විය හැකියි.

ඊයේ පෙරවරු 9 පමණ සිට මෙල්බර්න් නගරයට ඇති වූ දැඩි කුණාටුවක් සමග අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 දක්වා වැසි පැවතුණා.

අධික වර්ෂාව සහ අකුණු සැර හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම කීර්තිමත් ධාවන තරඟයක් ඉතිහාසයේ ප්‍රථම වතාවට අවලංගු කළ බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශ කිහිපයක දැඩි සුළං තත්ත්වයත් සමග ගස් කඩා වැටීම හේතුවෙන් මෝටර් රථ කිහිපයකට ද අලාභ හානි සිදුවී තිබුණා.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »