වික්ටෝරියා ප්‍රාන්තයේ අලුත් උවදුරක්

ෆෙන්ටැනයිල් මත්ද්‍රව්‍ය වික්ටෝරියා ප්‍රාන්තයේ වේගයෙන් පැතිරෙමින් පවතින බව මත්ද්‍රව්‍ය හා මධ්‍යසාර පාලක සංගමය අනතුරු අඟවනවා.

වික්ටෝරියානු මධ්‍යසාර හා ඖෂධ පරිපාලනය විසින් පත් කරන ලද නව වාර්තාවක දැක්වෙන්නේ භාවිතය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන නීති විරෝධී වේදනා නාශක රැසක් නිසා ඉදිරියේදී උවදුරක් ඇති වන බවයි.

නීති විරෝධී මත්ද්‍රව්‍ය ගලා ඒම වැළක්වීම සඳහා රජය සූදානම් නොමැති අතර ජීවිත රැසක් මෙමගින් අවදානමට ලක් වනු ඇති බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.

ෆෙන්ටැනයිල්වලට ඇබ්බැහි වීම සම්බන්ධයෙන් සැලකීමේදී ඇමරිකාවේ වැනි තත්වයක් කරා ඔස්ට්‍රේලියාව ගමන් කරන බව මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන සංගම් ප්‍රකාශ කළා.

එය හෙරොයින්වලට වඩා 50 ගුණයකින් මත්වන ප්‍රතිශතය ඉහළ යාම මෙන්ම රහසිගත ඖෂධ රසායනාගාරවල මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව හේතුවෙන් ජනප්‍රිය වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

ඔඩිසි හවුස්හි (Odyssey House) ප්‍රධාන විධායක නිලධාරී ස්ටෙෆන් ගෘනට් (Stefan Grunert) පැවසුවේ සිදුවිය හැකි ව්‍යසනකාරී බලපෑම මර්දනයට රජය සූදානම් නොමැති බවයි.

මෙම මත්ද්‍රව්‍ය හෙරොයින්වල කෘතිම අනුවාදය ලෙස ප්‍රසිද්ධ වී ඇති අතර දැනටමත් එක්සත් ජනපදයේ මරණ දස දහස් ගණනක් සිදු කර ඇති බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

වික්ටෝරියානු මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය පරිපාලනයට අනුව, පසුගිය වසර තුළ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාව හේතුවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 549ක්.

හරිත පක්ෂයේ හිටපු නායක සහ කෝ හෙල්ත් (CoHealth) හි මහජන සෞඛ්‍ය උපදේශක රිචර්ඩ් ඩි නතාලි (Richard Di Natale) පැවසුවේ මෙම ගැටලුව විසඳීමට රජය වැඩි යමක් සිදු කළ යුතු බවයි.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »