ඉම්රාන් ඛාන්ගේ වසර 14ක සිර දඬුවම අත්හිටුවයි

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට පනවා තිබූ වසර 14ක සිර දඬුවම අත්හිටුවීමට එරට අධිකරණයක් තීරණය කර තිබෙනවා.

ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බීබීට පසුගිය ජනවාරි මාසයේදී වසර 14 බැගින් වූ සිර දඬුවමක් නියම වුණේ
රාජ්‍ය ත්‍යාග නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමේ සිද්ධියකට අදාළවයි.

දින 10 කින් ආරම්භ වන ඊද් නිවාඩුවෙන් පසු නඩුව සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තෙක් යුවළගේ දඩුවම අත්හිටුවන බවයි ඉස්ලාමාබාද් මහාධිකරණය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මීට පෙර ඔහුට එරෙහිව පවරා ඇති නඩු කටයුතු හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තවදුරටත් බන්ධනාගාර ගතව පසු වනු ඇති.

71 හැවිරිදි ඉම්රාන් ඛාන් 2018 වසරේ සිට 2022 වසරේ අප්‍රේල් මාසය දක්වා අගමැතිව සිටියදී ඔහුට ලැබුණු ඩොලර් 504,000කට වඩා වටිනා රාජ්‍ය ත්‍යාග විකිණීමේ චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම නඩුව පවරා තිබුණේ පකිස්තානයේ දූෂණ විරෝධී ඒජන්සිය විසින්.

දඩුවම් හේතුවෙන් මෙම යුවළට වසර 10ක කාලයක් යන තෙක් රජයේ නිලතල සඳහා තරඟ කිරීමට නුසුදුස්සන් බවට පත් කර ඇති අතර එක් අයෙකුට ඩොලර් මිලියන 2.8ක දඩයක් ද නියම කර තිබුණා.

ඉම්රාන් ඛාන් රාජ්‍ය ත්‍යාග විකිණීමේ නඩුවේ වරදකරු බවට පත් වූයේ රාජ්‍ය රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් වසර 10ක සිරදඬුවමක් පැනවීමෙන් දිනකට පසුවයි.

එමෙන්ම ඔවුන්ගේ විවාහය ඉස්ලාමීය නීතිය උල්ලංඝණය කළ බවට වන චෝදනා මත පෙබරවාරි 3 වැනිදා ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ වසර හතකට සිර දඬුවම් නියම කෙරුණා.

ඔස්ට්‍රේලියාව පැරදූ ඇෆ්ගනිස්ථානයට වාර්තාගත ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම පරදවා ඉතිහාසගත වන ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත්වුණා. ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග අද පැවති තරගය ලකුණු 21කින් ජය ගැනීමත් සමගයි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද මෙය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස් කළා. Rahmanullah Gurbaz පන්දු 49කින් වේගවත් ලකුණු

Read More »

T20 ලෝක කුසලානයේදී Pat Cummins ගෙන් යළිත් වාර්තාවක්

2024 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩක පැට් කමින්ස් අද සමත්වුණා.

Read More »

ඔස්ට්‍රේලියානු තරුණයන්ගේ ක්‍රියාවක් නිසා අනාගතය ගැන අවදානමක්

දකුණු ඔස්ට්‍රේලියානු තරුණයින් අතර සාමාන්‍ය දුම් පානය අභිබවා ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඇෆ්ගනිස්ථානයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ super 8 වටයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »