ශ්‍ර්‍රී ලංකාව තුල බෙදා හැරෙන කොරෝනා එන්නතෙන් ඇති විය හැකි සුළු ආසාත්මිකතා පිළිබඳ දැනුම්දීමක්! – AusLanka TV – Australian News for the Sri Lankan community

ශ්‍ර්‍රී ලංකාව තුල බෙදා හැරෙන කොරෝනා එන්නතෙන් ඇති විය හැකි සුළු ආසාත්මිකතා පිළිබඳ දැනුම්දීමක්!

ශ්‍ර්‍රී ලංකාව තුල බෙදා හැරෙන කොරෝනා එන්නතෙන් ඇති විය හැකි සුළු ආසාත්මිකතා පිළිබඳ දැනුම්දීමක්!

ශ්‍රී ලංකාව තුල ඉන්දියාවෙන් ගෙන්වූ කොරෝනා වයිරසයට එරෙහිව සටන් කරන ඇස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂිල්ඩ් එන්නත ලබා ගැනීමෙන් පසුව සිදු විය හැකි ආසාත්මිකතා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දීමක් සිදු කර ඇත​.

කොවිඩ් මර්දනය සඳහා ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂිල්ඩ් එන්නත ලබාදීමෙන් පසුව වැඩියෙන්ම අපහසුතා දැනෙන්නේ තරුණ අයට බවත්, එය බියවීමට කරුණක් නොවන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා සඳහන් කරයි.

එන්නත ලබාදීමෙන් පසුව උණ, ඇඟපත වේදනාව, සිරුරේ අප්‍රාණික ගතිය, වමනය, එන්නත් කළ ස්ථානයේ රිදීම් හා රතුවීම් වැනි සුළු අසාත්මිකතා ඇතිවිය හැකි බව ඔහු පැවසීය​.

COMMENTS