ඔස්ට්‍රේලියාවේ වීසා නීතිවල අඩුපාඩු ගැන ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ප්‍රමුඛ රජය විසින් යෝජිත හදිසි සංක්‍රමණ නීතිවලට සහය දීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළු හරිත පක්ෂයට විවේචන එල්ල වී තිබෙනවා.

විදේශ කටයුතු ඇමති පෙනී වොන්ග් සඳහන් කර ඇත්තේ රජයේ වැදගත් තීරණයන් මෙලෙස ප්‍රතික්ෂේප කිරීම සුදුසු නොවන බවයි.

මෙලෙස සංක්‍රමණ නීති පැනවුව ද ඇතැම් පුද්ගලයින් සහ රාජ්‍යන්වලට රජයෙන් අවසර දෙන බව විපක්ෂය චෝදනා කරනවා.

ඔස්ට්‍රේලියාවේ දැනට නිර්දේශිත නව වීසා නීතිවල පවතින අඩුපාඩු පිරවීමට රජය මැදිහත්විය යුතු බවයි විපක්ෂය ඇතුලු හරිත පක්ෂය පෙන්වා දෙන්නේ.

විදේශ කටයුතු ඇමති පෙනී වොන්ග් සඳහන් කර ඇත්තේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින් ඔවුන්ගේ වීසා කාලය ඉක්මවා රැදී සිටීන අතර වීසා කොන්දේසි කඩ කිරීම පාලනයට රජය මෙම කොන්දේසි හඳුන්වා දුන් බවයි.

දැනට පවතින සංක්‍රමණ නීති ප්‍රමාණවත් යැයි රජය පැවසුව ද සමස්ත සංක්‍රමණ පද්ධතියේ වූ හඩැස පිරවීමට මෙය ප්‍රමාණවත් නොවන අතර සංක්‍රමණිකයින් තම විසා කොන්දේසිවලට යටත් කර ගැනීම විදේශ අමාත්‍යවරයාගේ කාර්ය බවයි විපක්ෂය පෙන්වා දෙන්නේ.

පසුගිය මාර්තු 23 වනදා සිට ශිෂ්‍ය වීසා සඳහා දැඩි නියාමනයක් පැනවීමත් සමග මෙරට විදේශ සංක්‍රමණිකයින්ගේ කැපී පෙනෙන පහත වැටීමක් සිදුවිය හැකි බව ද හරිත පක්ෂය සඳහන් කර තිබෙනවා.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »