2024 වසරේ වර්ල්ඩ් නේචර් ෆොටෝග්‍රෆි අවෝර්ඩ් (world nature photography award) ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ලොවපුරා සිටින සතුන්, කෘමීන් සහ ස්වභාවික ඡායාරූපකරණයේ හොඳම ඡායාරූප මෙම සම්මාන උළලේදී සම්මානයට පාත්‍ර වුණා.
ජයග්‍රාහී ඡායාරූප world nature photography වෙබ් අඩවියෙන් මුද්‍රණ ලෙස මිලදී ගැනීමේ හැකියාව ද පවතිනවා.
මෙහි පළමු ස්ථානය මකර ආකෘතියක් මත නිර්මාණය වූ කුරුළු කූඩුවක් ඡායාරූපයට නැගූ ශිල්පියා විසින් හිමිකර ගෙන ඇති අතර එය මෙවර ලොව විශිෂ්ඨතම ස්වභාවික ස්වභාවික ඡායාරූපය වෙනුවෙන් ලැබූ සම්මානය වනවා.
මෙහි දෙවන ස්ථානය කෙන්යාවේ මසායි ජාතික රක්ෂිතයේ සීබ්‍රා මවක් සහ ඇගේ පැටවා චීටා ප්‍රහාරයකට ලක්වීමේ ඡායාරූපය දිනා ගත්තා.
එහි තෙවන ස්ථානය හිමි වූයේ ඊශ්‍රායලයේ නෙගෙව් කාන්තාර දර්ශනයක් ඡායාරූප ගත කළ ශිල්පියාටයි.
තායිලන්තය, සන්තියාගු අයිලන්ඩ් යන රටවල් මගින් ඉදිරිපත් කළ ජායාරූප දමෙහිදි සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.
එම සම්මාන උළලේ දී ඔස්ට්‍රේලියාවටද සම්මානයක් හිමිවුණා. ඒ සිඩ්නිහි කර්නෙල්හි දී ලබා ගත් ඇන්ගර් ෆිශ් (anger fish) නැතහොත් බ්ලැක් ෆොග්ෆිශ් (black fish) මත්ස්‍යයාගේ ජායාරූපයටයි.
මේ අතර ලොව හොදම ජායාරූප 10 අතරට ශ්‍රී ලාංකීය ජයාරූපයක් ද සම්මානයෙන් පිදුම් ලබා ඇති අතර කොග්ගල ප්‍රදේශයේ ඉර බැස යන අවස්ථාවක සාම්ප්‍රදායික රිටි පන්න ධීවර කර්මාන්තයේ නියුතු ධීවරයින් පිරිසක් ගේ ජායාරූපයක් එහිදි සම්මානයට පාත්‍ර වුණා.