Search

වායු දූෂණයෙන් වඩාත්ම අපිරිසිදු රටවල් නම් කෙරේ

වායු දුෂණයෙන් ලෝකයේ වඩාත්ම අපිරිසිදු වූ රටවල් පිළිබඳ නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති වාතයේ ගුණාත්මකභාවය පිළිබඳ නිර්ණායකයන්ට අනුකූලවයි මෙම දර්ශක ප්‍රකාශයට පත් කර ඇත්තේ.

ලොව පුරා නගර 7800ක් පමණ මේ සඳහා යොදාගෙන ඇති අතර දුර්වල වායු ගුණාත්මකභාවයක් සහිත ප්‍රදේශවල ජීවත් වීම පුද්ගල ආයු කාලයටද බලපෑම් එල්ල වන බවයි එම වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව නරකම වායු දූෂණය සහිත රටවල් අතරින් බංග්ලාදේශය ඉහළම ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ අනුව බංග්ලාදේශය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්ණය කර ඇති වාතයේ ගුණාත්මකභාව පිළිබඳ ප්‍රමිතින් 16 ගුණයක් පමණ ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පාකිස්තානය එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානයට පැමිණ ඇති අතර මිලියන 13ක් පමණ සිටින ලාහෝර් නගරය වඩාත් දරුණුතම වායු දූෂිත නගරය ලෙසටයි නම් කර ඇත්තේ.

ඒ අනුව පාකිස්තාන වැසියන්නේ ආයු අපේක්ෂාව වසර 4කින් අඩුවී ඇති බව ද සඳහන්.

ඉන්දියාව වායු දූෂණය සහිත රටවල් අතර තුන්වන ස්ථානයට පත්ව ඇති අතර තජිකිස්ථානයට හිමිව ඇත්තේ හතරවන ස්ථානයයි.

ලොව වඩාත්ව වායු දූෂිත රටවල් 10 අතරට එක්සත් අරාබි එමිර් රාජ්‍ය, ඉරාකය, නේපාලය සහ ඊජිප්තුව ද ඇතුලත්.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »