ස්ව කැමැත්තෙන් මරණය ළං කර ගන්න තවත් පිරිසක් කැමැත්ත ඉල්ලයි

සුව කළ නොහැකි රෝගවලින් පෙළෙන්නන් ස්ව කැමැත්තෙන් මරණය අත් කර ගැනීමේ නීතිය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ බලාත්මක වුවද එවැනි අසනීප නොමැති වයෝවෘද්ධ පුද්ගලයින් අතර ද ඒ පිළිබඳ උනන්දුවක් මතුවී ඇතැයි වාර්තා වනවා.

විශේෂයෙන් වයෝවෘද්ධ මෙන්ම ඒජ් කෙයා සෙන්ටර්වල ජීවත්වීමට අකමැති පුද්ගලයින් ද මේ පිළිබඳ උනන්දුවක් දක්වන බවටයි හෙළිවී ඇත්තේ.

කෙසේ වෙතත් එම ඉල්ලීම්වලට කිසිසේත් අවසර නොමැති අතර වෛද්‍ය නිර්දේශ මත සුව කළ නොහැකි රෝගවලින් පෙළෙන පුද්ගලයින්ට පමණක් ස්වකැමැත්තෙන් මරණය අත් කර ගැනීමට ඉල්ලීම් කළ හැකියි.

ඉල්ලුම්කරුවන් තම පළමු ඉල්ලීම සිදු කිරීමට පෙර වයස අවුරුදු 18 සම්පූර්ණ විය යුතු අතර අවම වශයෙන් වසර තුනක ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සහිත පදිංචිකරුවෙකු විය යුතු වනවා.

මේ අතර එම ඉල්ලුම්කරුවන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අවම වශයෙන් මාස 12කට වැඩි කාලයක් ජීවත්ව සිටීම ද අනිවාර්ය වනු ඇති.

ස්වකැමැත්තෙන් මරණය අත් කර ගැනීමේ නීතිය ආබාධිත, ඩිමෙන්ශියා හෝ මානසික සෞඛ්‍ය දුර්වලතා සහිත පුද්ගලයින් සඳහා වලංගු නොවන අතර අනෙක් සෑම පුරවැසියෙකු සඳහාම කිසිදු බලපෑමකින් තොරව ඉල්ලීම් කළ හැකියි.

රෝගියෙකු වෙනුවෙන් පවුලේ සාමාජිකයෙකුට හෝ මිතුරෙකුට මේ සඳහා ඉල්ලුම් කිරීමට හැකියාවක් නැහැ.

මේ වන විට වික්ටෝරියා, ටස්මේනියා, ක්වීන්ස්ලන්ඩ් ඇතුලු බටහිර සහ නැගෙනහිර ඔස්ට්‍රේලියාව ඇතුලු ප්‍රාන්ත 6ක් ස්වකැමැත්තෙන් මරණය අත් කර ගැනීමේ නීතිය බලාත්මක කර තිබෙනවා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »