
ඔස්ට්‍රේලියානු සිසුන්ගේ අධ්‍යාපන කාර්ය සාධන මට්ටම සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව Learning First ප්‍රධාන විධායක ආචාර්ය බෙන් ජෙන්සන් පවසනවා.
2010 වසරේ දී හඳුන්වාදුන් ජාතික පාසැල් විෂය ක්‍රමයේ වු බරපතල ගැටලු හේතුවෙන් මෙම තත්වය උත්ගතව ඇති බවයි බෙන් ජේසන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
මේ අතර ඔස්ට්‍රේලියාවේ නිල අධ්‍යාපන පර්යේෂණ ආයතන පවසන්නේ ජාතියේ පාසල් විෂය මාලාවන්හි පවතින නොපැදිලිතාවය හේතුවෙන් ගුරුවරුන් තමන්ට ආවේනික ක්‍රම ඔස්සේ සිසුන්ට අධ්‍යාපනය ලබා දෙන බවයි.

සංවර්ධිත රාජ්‍යන්හි අධ්‍යාපන මට්ටම් හා සැසඳීමේ දී ඔස්ට්‍රේලියානු සිසුන්ට සාපේක්ෂව ඇමරිකානු සිසුන් ජීව විද්‍යා විෂය මාලාව තුළ 4 ගුණයකින් ඉදිරියෙන් සිටින අතර කැනේඩියානු සිසුන් 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන විද්‍යා විෂය මාලාව ඔස්ට්‍රේලියානු සිසුන් හදාරනු ලබන්නේ 10 වන ශ්‍රේණියේදී වීම විශේෂත්වයක්.
ගෝලීය අධ්‍යාපන මට්ටම් හා සැසදීමේ දී ඔස්ට්‍රේලියානු විෂය මාලාව තුල ගැටලු රැසක් පවතින බව අධ්‍යාපන විශේෂඥයින් අවධාරණය කරනවා.

අධ්‍යාපන ක්‍රමයේ හරය විෂය මාලාව වන අතර විෂය මාලා ප්‍රතිසංස්කරණයකින් තොරව සිසුන්ගේ අධයාපන කාර්ය සාධන ඉහළ නැංවීම දුෂ්කර බවයි අධ්‍යාපන විශේෂඥයින් සඳහන් කර ඇත්තේ.