Search

සිඩ්නිහි කුලී නිවාස ගැන අන්තර්ජාල දැන්වීම් වංචාවක්

සිඩ්නිහි සති පතා කුලී පදනමට ලබා දෙන නිවාස සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ විවේචන වැඩිවෙමින් පවතින බව හෙළිවී තිබෙනවා.

අන්තර්ජාලය ඔස්සේ ඉතා උසස් ප්‍රමිතියෙන් මෙන්ම අංග සම්පූර්ණ කුලී නිවාස බවට සඳහන් කර තිබුණ ද එම නිවාස අත්‍යාවශ්‍ය අංගයන්ගෙන් සමන්විත නොවන බවයි හෙළිවී ඇත්තේ.

විශේෂයෙන් සතියකට ඩොලර් 750ක කුලී පදනම මත ලබා දෙන මෙම නිවාස සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණ කළ යුතු බව පාරිභෝගිකයින් පෙන්වා දෙනවා.

අන්තර්ජාලය දැන්වීම්කරණයේදී නිදන කාමර තුනක්, කෑම කාමරයක්, කුස්සියක් සහ වෙන්ව පිහිටි නාන කාමර සහිත බව සඳහන් කර තිබුණද එහි ගිය පසු එවැනි අංග කිසිවක් නොමැති බවයි හෙළිව ඇත්තේ.

සිඩ්නිහි කුලී නිවාස අර්බුධය සහ ඉහළ මිළ ගණන් හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර අදාළ කුළි නිවෙස්වල ඡායාරූප පවා සමාජ මාධ්‍ය වෙත නිකුත් කරමින් විවේචනය කර තිබුණා.

කෙයාලොජික් වාර්තා අනුව සතිපතා ලබා දෙන කුළී නිවාසවල උපරිම මිල ලෙස සටහන්ව තිබූ ඩොලර් 600 සීමාව ඩොලර් 750දක්වා ඉහළ දැමූ ප්‍රථම නගරය සිඩ්නි බව සඳහන්.

සිඩ්නිහි උතුරු වෙරළ තීරයේ සති පදනමට ලබා දෙන කුලී නිවාසවල අගය සටහන්ව ඇත්තේ ඩොලර් 1170ක් ලෙසයි.

Auslankatv Today’s Top Stories.2024.10.06

වැරදි පුරුදු නිසා ඔස්ට්‍රේලියා තරුණයන්ට රැකියා අහිමි වීමේ අවදානමක් පිළිකා ඇති ඔස්ට්‍රේලියානුවන්ට මෙල්බන්වලින් සුබ ආරංචියක් මෙල්බන්වලදී ශ්‍රී ලාංකිකයෙකුගේ මෝටර් රථයක් පැහැරගනී ඔක්තෝබර් මාසයේ Long Weekend

Read More »

ඔස්ට්‍රේලියාවේ මාරක මකුළුවෙකුගේ විෂ මගින් හෘද රෝගීන්ට ප්‍රතිකාරයක්

ඔස්ට්‍රේලියාවේ මාරාන්තික මකුළුවෙකුගේ විෂ භාවිතා කර හෘද රෝගීන් සඳහා ඖෂධයක් නිපදවීමට මෙරට විශේෂඥයන් පිරිසක් සමත්ව තිබෙනවා.

Read More »

ජීවිත දෙකක් නැති කළ වික්ටෝරියා ප්‍රාන්තයේ අනතුර

වික්ටෝරියා ප්‍රාන්තයේ ටුබුට් (Tubbut) ප්‍රදේශයේ බගී (buggy) රථයක් අනතුරට ලක්වීමෙන් කුඩා දරුවෙක් ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »