Search

ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගේ ජීවිතවලට තර්ජනයක්

නිවැරදි සෞඛ්‍ය පුරුදු මෙන්ම ආහාර රටාවන් අනුගමනය නොකිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගේ ජීවිතවලට තර්ජන මතුව ඇති බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගෙන් සියයට 70කට වැඩි ප්‍රමාණයල් හොඳ ආහාර වේලක් නොගන්නා අතර ප්‍රමාණවත් ව්‍යායාම් නොකිරීම හේතුවෙන් විවිධ නිදන්ගත රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාවක් ද පෙන්නුම් කරන බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් කාන්තාවන් වැඩි පිරිසක් හෘද රෝග, ආඝාතය සහ ඩිමෙන්ස්ශියාව වැනි රෝගාබාධවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.

මෙල්බන් විශ්ව විද්‍යාල අධ්‍යයනයක් මගින් තහවුරු වී ඇත්තේ කාන්තාවන්ගෙන් බහුතරයක් එනම් සියයට 80ක් පමණ ප්‍රමාණවත් පළතුරු සහ එළවළු අනුභව නොකරන බවයි.

එමෙන්ම ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගෙන් සියයට 70කට සතිපතා ප්‍රමාණවත් ශාරිරික ක්‍රියාකාරකම් නොලැබෙන බව ද සඳහන්.

වයස අවුරුදු 18ත් 98ත් අතර කාන්තාවන් 20000කට වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින් මෙම අධ්‍යයනය සිදු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ කාන්තාවන්ගෙන් වැඩි ප්‍රමාණයකට ප්‍රමාණවත් සෞඛ්‍ය පුරුදු නොමැති බවයි.

තවද ඩිමෙන්ශියා රෝගීන් තුනෙන් දෙකක් කාන්තාවන් බව ද හෙළිව තිබෙන අතර පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් තුළ හෘද රෝග බහුලව දක්නට ලැබෙන බව ද අනාවරණ වී තිබෙනවා.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »