
සුනඛයින්ගේ බලපෑම හේතුවෙන් ටස්මේනියා ප්‍රාන්තයේ කුඩා පෙන්ගුයින් පැටවුන්ගේ ජීවිතවලට තර්ජනයක් මතුව තිබෙනවා.
1980 වසරේ සිට 2022 දක්වා වූ කාල සීමාව තුළ ටස්මේනියාවෙන් වාර්තා වූ කුඩා පෙන්ගුයින් පැටවුන්ගේ මරණවලින් සියයට 80ක් පමණ හේතුව සුනඛ ප්‍රහාර බවයි හෙළිව ඇත්තේ.
බර්ඩ් ලයිෆ් ඔස්ට්‍රේලියා (Bird Life Australia) ආයතනය පසවන්නේ මෙම තත්වය පාලයන කිරීම සඳහා සුනඛ හිමිකරුවන් රාත්‍රී කාලයේදී තම සතුන් නිදැල්ලේ යොමු කිරීමෙන් වැළකිය යුතු බවයි.

මේ අතර මිනිස් ක්‍රියාකාරම්, දේශගුණික විපර්යාස සහ වාසස්ථාන අහිමිවීම හේතුවෙන් කුඩා පෙන්ගුයින් පැටවුන් වඳවීයෑමේ තර්ජනයකට ලක්ව ඇති බව ද සත්ව සංවිධාන පවසනවා.
ටස්මේනියා ප්‍රාන්තයේ සුනඛයින් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර තවත් වසර කිහිපයකින් සම්පූර්ණ පෙන්ගුයින් ජනපදයම විනාශ කිරීමේ හැකියාව සුනඛයින්ට හැකි බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යනයකදී තහවුරු වී ඇත්තේ පෙන්ගුයින් 100ක් පමණ සිටින කුඩා ජනපදයක් පවා සුනඛ ප්‍රහාර හේතුවෙන් වසර 10ක් තුළ සම්පූර්ණයෙන්ම විනාශ කළ හැකි බවයි.
කුඩා ජනපද පමණක් නොව පෙන්ගුයින් පැටවුන් 500ක් පමණ සිටින ජනපද පවා මෙලෙස සුනඛ ප්‍රහාරයන්ට ලක්වීමෙන් වසර 15ට පෙර සම්පූර්ණයෙන්ම වඳ කළ හැකි බව සඳහන්.
2019 වසරේ දී ටස්මේනියානු රජය විසින් සංවේදී සතුන් මරා දමන සුනඛ හිමිකරුවන්ට දැඩි දඩුවම් හදුන්වා දුන්න ද උපරිම දඩ මුදල සටහන්ව ඇත්තේ ඩොලර් 5040ක් ලෙසයි.
මෙලෙස දඩ මුදලක් පැනවුව ද පෙන්ගුයින් සත්වයන්ගේ ජීවිත අවදානම පහව ගොස් නැති බවයි පරිසරවේදීන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.