වැඩ කටයුතු පහසු කරන නව ඩිජිටල් හැඳුනුම්පත ගැන ඔස්ට්‍රේලියානුවන්ට උපදෙසක්

ෆෙඩරල් රජය විසින් හදුන්වා දුන් නවතම ඩිජිටල් හැඳුනුම්පත් භාවිත කරන ඔස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාව මිලියන 10.5 ඉක්මවා තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සෙනෙට් මණ්ඩලය විසින් ද ඩිජිටල් හැඳුනුම්පත සඳහා අවසරය ලබා දී ඇති අතර එමගින් ප්‍රයෝජනය ලබන ඔස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බව සඳහන්.

පුද්ගල අනන්‍යතාව තහවුරු කිරීම සදහා ඩිජිටල් හැඳුනුම්පත කොතෙක් දුරට ආරක්ෂිත ද යන්න ගැටලු සහගත බවයි විචාරකයින් ප්‍රකාශ කරන්නේ.

කෙසේ වෙතත් එහි සරල බව හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට තම එදිනෙදා වැඩ කටයුතුවලදී අනන්‍යතාව හෙළි කිරීමට ඩිජිටල් හැඳුනුම්පත ප්‍රයෝජනවත් වනු ඇති.

එහෙත් පුද්ගලයින්ගේ අනන්‍යතාව සයිබර් අපරාධ සදහා යොදවා ගැනීමට මෙමගින් හැකිවනු ඇති බවට ද අදහස් මතුව තිබෙනවා.

බැංකු ගණුදෙනු, එදිනෙදා ප්‍රවාහන සේවා සදහා ද මෙම ඩිජිටල් හැඳුනුම්පත වාසි සහගත වුවද නොදන්නා දත්ත පද්ධතිවලට තම ඩිජිටල් හැඳුනුම්පත යොමු කිරීමේ දී සැලකිලිමත් වන ලෙසටයි ජනතාවට උපදෙස් ලබා දී ඇත්තේ.

කෙසේ වෙතත් සෙනෙට් සභාව විසින් ඩිජිටල් හැඳුනුම්පත සඳහා අනුමැතිය ලබා දීමට වැඩි කාලයක් ගත කර ඇති අතර අදාළ පද්ධතියට අනුගත විය යුතූ නීති රීති සහ ආරක්ෂිත බව පිරික්සා බලා ඇති බව ද සඳහන්.

ඩිජිටල් හැඳුනුම්පත මෙතක් ෆෙඩරල් රජය විසින් නීති ගත කර නොමැති අතර අදාළ පනත් කෙටුම්පත මේ වන විට නියෝජන මන්ත්‍රී මණ්ඩලය වෙත යොමුකර තිබෙනවා.

ඉදිරියේදි ඩිජිටල් හැඳුනුම්පත නිතිගත වන අතර සෑම පුද්ගලයකුටම තම අනන්‍යතාව පහසුවෙන් තම ජංගම දුරකතනය ඔස්සේ ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »