බටහිර සිඩ්නි නිවසක නාන බේසමේ ගිලී අලුත උපන් බිළිඳෙකු මියගොස් තිබේ.
සති අටක් වයසැති මෙම බිළිඳා බරපතල තත්ත්වයෙන් පසු වී ඇති අතර Westmead හි ළමා රෝහලට ගෙන ගිය නමුත් ඇයව බේරා ගැනීමට නොහැකි විය.
මෙම සිද්ධිය සිදු වූ වේලාවේ දරුවාගේ 35 හැවිරිදි මව නිවසේ පිටුපස උද්‍යානයේ සිටි බවට වාර්තා වී ඇති අතර ඇය කිසියම් මානසික රෝගයකින් පෙලෙන බවට සැක කරයි.
කෙසේවෙතත්, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සෙවීම සඳහා දිගින් දිගටම සෝදිසි මෙහෙයුම් සිදු කිරීමට අපරාධ පරීක්‍ෂණ නිලධාරීන් බලාපොරොත්තු වන බවට සඳහන්.