පසුගිය 2023 වසරේ වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල සිදුවූ බිහිසුණු රිය අනතුරු සහ මරණ සංඛ්‍යාව හමුවේ රියදුරු ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.
විශේෂයෙන් තරුණයින් නිසි රියදුරු අධ්‍යාපනයක් පිළිබඳ ගැටලුව වැදගත් ලෙස නොසලකන බවටයි අනාවරණ වී ඇත්තේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ ගමනාගමන අනතුරු කොමිසමට අනුව, 2023 වසරේදී වික්ටෝරියා මාර්ගවල වයස අවුරුදු 16 ත් 25 ත් අතර තරුණයින් 59ක් මිය ගොස් තිබෙනවා. එය එම වසරේ ප්‍රාන්තයේ මාර්ගවලින් වාර්තා වූ සමස්ත මරණ වලින් සියයට 20ක් බව සඳහන්.
මේ හේතුවෙන් තරුණ තරුණියන් සඳහා රියදුරු ආරක්ෂණ අධ්‍යාපනය වැඩිදියුණු කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වී ඇති අතර පාසලේදී මාර්ග ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද ඊට අයත්.
ප්‍රාන්තය පුරා 10 සිට 12 වසර දක්වා සිසුන් සඳහා මූලික මාර්ග ආරක්ෂණ කුසලතා සහ වාහන නඩත්තු ඇතුළත් නව අධ්‍යාපන වැඩසටහනක් හඳුන්වා දීමට ද අවශ්‍ය බවටයි ප්‍රකාශ වී ඇත්තේ.
නොසැලකිලිමත් ලෙස රිය පැදවීමේ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් සතියකට පැය භාගයක් සිසුන් දැනුවත් කර පාසල් සමයේ සිටම රියදුරු බලපත්‍රය ලබා ගැනීමට හොඳ පුරුදු ඇති කිරීමට ද යෝජනා වී තිබෙනවා.