Search

බාලවයස්කරුවන් පිරිසක් සොයා හෙලිකොප්ටර් යොදා ගෙන කළ පොලිස් ලුහුබැඳීම

සොරකම් කළ මෝටර් රථවලින් අධික වේගයෙන් ගමන් කරමින් සිටි බාලවයස්කරුවන් 6 දෙනෙකු පොලිසිය විසින් ප්‍රදේශ දෙකකදී ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Mitsubishi Pajero රථයක් සහ සුදු පැහැති Volkswagen මෝටර් රථයක් සැකකරුවන් මෙලෙස සොරකම් කර ඇති බවයි පැවසෙන්නේ.

පැජරෝ රථය මාර්ගයේ වැරදි දිශාවෙන් ඉදිරියට ගොස් මැරියන් මාර්ගයේ මංසන්ධියේදී ටොයෝටා කොරොල්ලා රථයක ගැටී තිබූ බව සඳහන්.

පැජරෝ රථයේ සිටි තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රෝහල් ගත කර ඇති අතර ඔවුන් සුලු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

කොරොල්ලා රථයේ රියදුරා වූ 51 හැවිරිදි කාන්තාවගේ පාදවලට සහ අතකට තුවාල සිදුවී රෝහල් ගත කර තිබෙනවා.

පැජෙරෝ රථයේ ගමන් කල අවුරුදු 13, 15 සහ 16 වයස්වල පසුවූවන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර සොරකම් කරන ලද Volkswagen රථයක් මෙල්බන් නුවර ආසන්නයේදී පොලිස් හෙලිකොප්ටරයක් ද යොදා ගනිමින් ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී අවුරුදු 13, 14 සහ 15 වයස්වල පසුවන ළමයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් එම මෝටර් රථය සෙනසුරාදා හොලට් කෝව් ප්‍රදේශයෙන් සොරකම් කර ඇති බව පොලිසිය සඳහන් කළා.

13 සහ 14 යන වයස්වල පසුවන පිරිමි ළමයින්ට ඇප නියම වූ අතර 15 හැවිරිදි ළමයාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔවුන් සියලුදෙනා හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »