
උතුරු සිඩ්නි හි පිහිටි ඇමරිකා එක්සත් ජනපද කොන්සල් කාර්යාලයට තීන්ත සහ ග්‍රැෆිටි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ගාසා තීරයේ ආක්‍රමණය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වැඩි පීඩනයක් එල්ල කරන ලෙස ධවල මන්දිරයට බලපෑම් කළ යුතු බව පවසමින් කාර්යාලයේ පණිවිඩ සටහන් කර ඇතැයි සඳහන්.
අද අලුයම 4.30 ට මිලර් වීදියේ පිහිටි කොන්සල් කාර්යාල ගොඩනැගිල්ලට පොලිසිය කැඳවා තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

“Free (sic) Gaza” යන්න ඉදිරිපස වීදුරු මත විශාල රතු අකුරින් ලියා තිබූ අතර දීප්තිමත් රෝස පැහැති තීන්ත තවත් වීදුරු තුනකට ඉස තිබෙනවා.
හමාස් සංවිධානය පසුගිය 2023 වසරේ ඔක්තෝම්බර් 7 වනදා ඊශ්‍රායලය ආක්‍රමණය කිරීම හමුවේ මිනිසුන් 1200ක් පමණ මිය ගිය අතර තවත් 250 දෙනෙකු ප්‍රාණ ඇපයට ගනු ලැබුවා.

ඊට ප්‍රති ප්‍රහාර වශයෙන් ඊශ්‍රායල ආක්‍රමණය ආරම්භ වී මාස හයක් පමණ ගතවී ඇති අතර මේ වන විට ගාසා තීරයේ පලස්තීනුවන් 32,782ක් ගණනක් මියගොස් තිබෙනවා.
මියගිය අයගෙන් තුනෙන් දෙකක් පමණ කාන්තාවන් සහ ළමයින් බවයි වාර්තා වන්නේ.