අද සිට පෞද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ වාරික මිල ගණන් ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් තවත් පීඩාවට පත්වෙමින් සිටින බව වාර්තා වනවා.
වාරික මිල ගණන් වැඩිකිරීම් සඳහා පසුගිය මාසයේ රජය අත්සන් කිරීමෙන් පසුවයි අද සිට පෞද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ වාරික සියයට 3කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ යාමට නියමිතව ඇත්තේ.
සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් මුලින්ම රක්ෂණකරුවන් විසින් ඉදිරිපත් කරන ලද ඉහළ වාරික වැඩිවීම් ප්‍රතික්ෂේප කර ඇති අතර, අවසානයේ සාමාන්‍ය සියයට 3.03ක වැඩිවීමක් අනුමත කරනු ලැබුවා.
එය උද්ධමනය සහ වැටුප් වර්ධනයට වඩා අඩු වුව ද 2019 වසරෙන් පසු සිදු වූ විශාලතම රක්‍ෂණ වාරික වැඩිවීම ලෙසටයි සැලකෙන්නේ.
ඇතැම් ප්‍රධාන රක්‍ෂණ සමාගම් විසින් සියයට 4.1කින් වාරික අගයන් වැඩි වන බවට තහවුරු කර ඇතැයි සඳහන්.
NIB පාරිභෝගිකයින් සඳහා වාරික අගය සියයට 4.1කින් ද, BUPA සියයට 3.61කින් ද, HBF සියයට 3.95 කින් සහ Medibank Private සියයට 3.31කින් ද සිය වාරික මිල ගණන් ඉහළ නංවා තිබෙනවා.
මෙම සෞඛ්‍ය රක්‍ෂණ වාරික මිල වැඩි කිරීමත් සමග ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට අමතර ඩොලර් 159ක් පමණ වැය වනු ඇතැයි අපේක්ෂිතයි.