වික්ටෝරියා ප්‍රාන්තයේ වැසි සහ ගංවතුර තත්ත්වයක් ගැන පූර්ව දැනුම්දීමක්

අද දින ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට හදිසි ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා තිබෙනවා.

මෙල්බර්න් ඇතුළු ප්‍රාන්තයේ විශාල ප්‍රදේශයකට මිලිමීටර් 50ක පමණ වර්ෂාපතනයක් ඇති විය හැකි බවටයි කාලගුණ අංශ දැනුම් දී ඇත්තේ.

සුළි කුණාටුවක් ප්‍රාන්තය පුරා හමා යන බැවින් මෙම අයහපත් කාලගුණික තත්වය පවතින බව සඳහන්.

මෙම වැසි තත්වය හමුවේ පාස්කු නිවාඩුව අවසානයේ නිවෙස් වෙත පැමිණෙමින් සිටින දහස් ගණනකගේ සැලසුම් සංකීර්ණ වෙනු ඇති බවයි පැවසෙන්නේ.

අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි සහ දැඩි සුළං ප්‍රාන්තය හරහා නැගෙනහිර දෙසට ගමන් කරන බැවින් සවස් කාලයේදී පැයට කිලෝමීටර 90 දක්වා තද සුළං අපේක්ෂා කෙරෙනවා.

වැසි තත්වය ඇති වන තෙක් අද උණුසුම් දිනයක් වනු ඇති අතර සෙල්සියස් අංශක 28ක් දක්වා උෂ්ණත්වය අපේක්ෂා කරන බව කාලගුණ අංශ ප්‍රකාශ කළා.

ඔස්ට්‍රේලියාව පැරදූ ඇෆ්ගනිස්ථානයට වාර්තාගත ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම පරදවා ඉතිහාසගත වන ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත්වුණා. ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග අද පැවති තරගය ලකුණු 21කින් ජය ගැනීමත් සමගයි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද මෙය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස් කළා. Rahmanullah Gurbaz පන්දු 49කින් වේගවත් ලකුණු

Read More »

T20 ලෝක කුසලානයේදී Pat Cummins ගෙන් යළිත් වාර්තාවක්

2024 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩක පැට් කමින්ස් අද සමත්වුණා.

Read More »

ඔස්ට්‍රේලියානු තරුණයන්ගේ ක්‍රියාවක් නිසා අනාගතය ගැන අවදානමක්

දකුණු ඔස්ට්‍රේලියානු තරුණයින් අතර සාමාන්‍ය දුම් පානය අභිබවා ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඇෆ්ගනිස්ථානයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ super 8 වටයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »